නාමල්ට එරෙහි ව අල්ලස් කොමිසමෙන් විමර්ශනයක් – අධිකරණයෙත් පෙනී සිටියි

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක් මුල්‍ය අක්‍රමිකතාවයක් සිදු වූයේ යැයි පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී අද (22) යළි කැඳවනු ලැබුවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ මෙම නඩුව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම්කර ඇප මත මුදා හැර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද අද නඩුව කැඳවූ අවස්ථාවේ විවෘත අධිකරණය හමුවේ පෙනී සිටීමට අධිකරණයට පැමිණ සිටි බවයි.

නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් එම සිදුවීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් සඳහන් කළා.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ක්‍රිෂ් මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය අධිකරණයේ පවත්වාගෙන යන නඩුව නීතිපති උපදෙස් සඳහා එළඹෙන ජුනි මස 04 වනදා යළි කැඳවීමට නියෝග කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39