කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් ගැන දැනුම්දීමක්

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අදියර II හි බටහිර බහාලුම් පර්යන්ත II සඳහා බටහිර දියකඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලසුම මෙහෙයවීම සඳහා උපදේශක සේවාව

කොළඹ වරාය පුළුල් කිරීමේ අදියර II හි බටහිර බහාළු පර්යන්තය II සඳහා බටහිර දියකඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස 2023‑06‑26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

ඊට අදාළ උපදේශක සේවාව සඳහා තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව විසින් කැමැත්ත පළ කළා.

ආසියානු සංවර්ධන බැංකුවේ නිර්ණායකයන්ට අනුකූලව අභිලාෂය ප්‍රකාශ කිරීම කැඳවා තිබෙන බවයි කැබිනට්‍ ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.

අයදුම්කරුවන් 20දෙනෙකු ඒ සඳහා සිය අභිලාෂ ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර ඇති අතර, 07 දෙනෙකු පූර්ව සුදුසුකම් සපුරා තිබෙනවා.

ඒ අතුරින් ආයතන 05ක් සවිස්තරාත්මක යෝජනා ඉදිරිපත් කරනු ලැබුවා.

තාක්ෂණික පිරිවිතර සපුරන ලද ආයතන 03ක මූල්‍ය යෝජනා ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව අදාළ උපදේශක සේවා කොන්ත්‍රාත්තුව M/s. Dohwa Engineering Co. Ltd. වෙත පිරිනැමීම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබුවා.

ඒ අනුව, එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46