Update – ගල්කිස්ස වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට (වීඩියෝ)

ගල්කිස්ස, සිරිපාල මාවත ප්‍රදේශයේ අද (19) සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සවිඳු තරිඳු නැමැති වයස අවුරුදු 24ක බඩෝවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙක් අතර පවතින ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

කෙසේ වෙතත් වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු වෙඩි තැබීමටයොදාගත් මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවිය ද සමඟ අද (19) දහවල් දෙහිවල, කවුඩාන ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 47ක අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු මීට පෙරද මනුෂ ඝාතනයකට සැකකරු වී සිටින තැනැත්තෙක් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14