AFC Banner
AFC Banner
Empty Ad

විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය අද

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අවසන් වාර්තාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (17) ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව තිබෙනවා.

ඉදිරි මාස 6 සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකර පවතින ආකාරයෙන්ම පවත්වාගෙන යා යුතු බවට විදුලි බලමණ්ඩලය විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවේ පසුගියදායි.

කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ද ඊට ප්‍රති යෝජනාවක් ඉදිරිපත් වුණා.

ඒ අනුව එම යෝජනා සැලකිල්ලට ගනිමින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව දිවයිනේ පළාත් 09ම ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීම පසුගිය වසරේ දෙසැම්බර් 17 වනදා ආරම්භ කළ අතර, එය පසුගිය 10 වනදා අවසන් වුණා.

එම සැසිවාරයන්වල දී පුද්ගලයින් 400 දෙනෙකු පමණ යෝජනා ඉදිරිපත් කිරීම සිදු කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.

ඒ අනුව විදුලි ගාස්තුව සියයට 20ක පමණ ප්‍රතිශතයකින් අඩුවිය යුතු බවට ජනතාවගෙන් ඉදිරිපත් වූ යෝජනාවල ඇතුළත්.

එම සියලු යෝජනා අධ්‍යයනය කිරිමෙන් අනතුරුව විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු ද නැද්ද හෝ ගාස්තු සංශෝධනයක් සිදු වන්නේ නම් එය කුමන ප්‍රතිශතයක් ද යන්න පිළිබඳව නිර්දේශ ඇතුළත් වාර්තාව අද දිනයේ නිකුත් කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?