ජනපතිගේ චීන සංචාරයේ අවසන් දිනය අදයි – ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන කර්මාන්ත ශාලා නැරඹීමේ සූදානමක්

ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව්දින චීන නිල සංචාරයේ අවසන් දිනය අද (17) යි.

අද දින චීනයේ පිහිටි ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන කර්මාන්ත ශාලා කිහිපයක් නැරඹීමට මෙන් ම දුප්පත්කම තුරන් කිරීම සඳහා ආදර්ශයක් වන චීන ගම්මානයක් නැරඹීමට ද ජනාධිපතිවරයා එක් වීමට නියමිත ව තිබෙනවා.

එමෙන්ම අද දිනයේ දී ජනාධිපතිවරයා සිචුවාන් ප්‍රාන්තයේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයා සමඟ ද විශේෂ සාකච්ඡාවක නිරත වීමට නියමිත යි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඊයේ (15) දිනයෙන් ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ තෙවැනි දිනය ද සාර්ථක ලෙස නිමා කෙරුණු බවයි.

සිය චීන රාජ්‍ය සංචාරයේ තෙවන දිනයේ දී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් අත්කර දෙන විශේෂ සාකච්ඡා කිහිපයකට එක් වුණා.

විශේෂ ආයෝජන සැසියක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර චීනයේ ප්‍රමුඛ පෙළේ සමාගම්වල ප්‍රධානීන් සහ නියෝජිතයින් ඊට එක්ව සිටියා.

ඒ අතර ලෝක ප්‍රකට වෙළෙඳ නාම සහිත සමාගම් රැසක නියෝජිතයන් සමඟ ද ජනාධිපතිවරයා සාකච්ඡා වට කිහිපයකට එක් වූ අතර චයිනා පෙට්රොකෙමිකල් සංස්ථාව – සයිනොපෙක් සමූහය (China Petrochemical Corporation -SINOPEC Group), චයිනා සන්නිවේදන ඉදිකිරීම් සමාගම (China Communications Construction Company Ltd (CCCC), චයිනා මර්චන්ට් සමූහය (China Merchants Group (CMG), හුවාවි (Huawei) සහ වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රකට සමාගමක් වන බී.වයි.ඩී (BYD Auto) සමාගම ඇතුළු මහා පරිමාණ සමාගම් රැසක් ඊට අයත්.

සයිනොපෙක් සමූහයේ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඩොලර් බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක් ශ්‍රී ලංකාවට අත්පත් කර දෙමින් හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළ ගිවිසුමට එළැඹීම ද සිදු කෙරුණා.

චීන මහජන විරුවන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ජනාධිපතිවරයා එක් වීමෙන් පසුව චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී මහතා අතර හමුවක් ද පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා සහ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි.

චීන – ශ්‍රී ලංකා අතීත මිතුදම සිහිපත් කරමින් ඉතා ඵලදායී සාකච්ඡාවකට මෙහිදී ජනාධිපතිවරයා සහ චීන අග්‍රාමත්‍යවරයා එක් වූ අතර “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” ඇති කිරීමට වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට චීනයේ සහාය ලබාදෙන බව චීන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?