PHIගේ නරක් වූ මළසිරුර අඟුළු දැමූ නිවසකින් හමුවෙයි

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ මියගිය සහ නරක් වූ මෘත ශරීරය අගුළු දැමූ නිවසකින් සොයාගෙන තිබෙනවා.

මඩකලපුව – කාත්තන්කුඩි පොලිස් වසමේ කල්ලඩි – කලෙයිමගල් පාරේ පිහිටි නිවසකින් මෙම මළ සිරුර සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

එරාවුර්, මිච්නගර් හි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස මරණකරු සේවය කර තිබෙනවා.

අගුළු දමා තිබූ නිවසේ මළ සිරුරක් තිබී ඇති බව අසල්වැසියන් දැනගත් පසු, ඔවුන් පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඉන් අනතුරුව කාත්තන්කුඩි පොලිස් නිලධාරීන් නිවසට ඇතුල් වී මළසිරුර සොයාගෙන එය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව රෝහලට යොමු කර තිබෙනවා.

මෙම මරණය ස්වාභාවික මරණයක් ද නැතහොත් ඝාතනයක් දැයි සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34