Indian Premier League

මහීෂ් තීක්ෂණට උසස් වීමක් ලැබෙද්දී වනිඳු පහළට

ICC එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකා දඟ පන්දු ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ස්ථාන 04කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව 07 වැනි ස්ථානයේ පසු වූ තීක්ෂණට මේ වනවිට (15) හිමි ව ඇත්තේ තුන්වැනි ස්ථානයයි.

ICC විසින් සිය නවතම ශ්‍රේණිගත කිරීම්හි යාවත්කාලීන කිරීම් ඊයේ (14) සිදු කරනු ලැබුවා.

මෙම ශ්‍රේණිගත කිරීම් හි පළමු තැන හිමි ව ඇත්තේ ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් හට යි.

ඉන්දියාවේ කුල්ඩීප් යාදව් දෙවැනි තැන හිමිකරගෙන සිටිනවා.

මීට අමතර ව එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි වනිඳු හසරංග ස්ථාන 03කින් පහත බැස ඇත්තේ සිය ස්ථානය 24 බවට පත් කරගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?