නිරිතදිග ජපානයේ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 6.9 ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
භූමිකම්පාව දේශීය වේලාවෙන් රාත්‍රී 9:19ට පමණ සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
කියුෂු දූපතේ මියාසාකි පළාතට මෙන්ම ජපානයේ දකුණු කොචි ප්‍රාන්තයට ද මෙම සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
මේ අතර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කරන තුරු මුහුදට නොයන ලෙස හෝ වෙරළට ළඟා නොවන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1