විවාහ අපේක්ෂාවෙන් සිටි තරුණයා මහ මඟදී සිසුවිය පැහැරගනී

දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි දියණිය පැහැර ගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් දවුලගල හා ගම්පොළ පොලිස් ස්ථාන පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අදාළ සිසුවිය පංතියකට සහභාගී වීම සඳහා මිතුරියක් ද සමඟ පාසල් නිල ඇඳුමෙන් ඊයේ (11) පෙරවරුවේ දවුලගල නගරයට යමින් සිටිය දී කළු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් අයව පැහැරගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම පැහැරගැනීම සිදුකළ පුද්ගලයා සිසුවියගේ මස්සිනා බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඔහු සිසුවියගේ පියාගෙන් රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර; පසුව ඔහු එය ලක්ෂ 30ක් දක්වා අඩුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව සිසුවියගේ පියා සතු වෑන් රථය ද ඉල්ලා ඇති ඔහු ලක්ෂ 02ක මුදලක් සිය ගිණුමට බැර කරන
ලෙස දැනුම් දී තිබෙනවා.

එයට ප්‍රතිචාර දක්වමින් සිසුවියගේ පියා විසින් රුපියල් 50,000ක මුදලක් අදාළ පුද්ගලයාගේ ගිණුමට බැරකර ඇති බව සඳහන්.

සිසුවිය, මිතුරිය ද සමඟ මාර්ගයේ පැමිණෙමින් සිටිය දී ඔවුන්ගේ ඉදිරිය පැමිණෙන කළු පැහැති කුඩා වෑන් රථයකින් එකවරම බසින පුද්ගලයෙක් සිසුවිය අල්ලා වෑන් රථයට දමා ගන්නා ආකාරය් අසල සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබෙනවා.

එම අවස්ථාවේ දී අසල සිට පැමිණෙන තරුණයෙක් ඇයව බේරාගැනීමට පොරබදා වෑන් රථයේ එල්ලී මීටර් කිහිපයක් ගමන් කරන ආකාර ද එහි දැක්වෙනවා.

මේ අතර සිසුවිය පැහැරගත් වෑන් රථය පොළොන්නරුව නගරය ආසන්නයේ අතහැර දමාගොස් තිබිය දී ඊයේ (11) පස්වරුවේ සොයාගෙන ඇති අතර, එම රථය වාහන කුලියට ලබාදෙන ස්ථානයකින් ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිසුවිය පැහැරගත් අවස්ථාවේ වෑන් රථය පැදවූ දවුලගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙන් වෑන් රථය පොළොන්නරුව ප්‍රදේශයේ අත්හැර දමා යළි නිවසට පැමිණෙමින් සිටිය දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැහැර ගැනීමට ලක් වූ සිසුවිය, සැකකරුගේ මවගේ සහෝදරයාගේ දියණිය බවත් සැකකරු ඇයව විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් සිට ඇති බවටයි හෙළිව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32