අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සත්කාරක නවසීලන්තය සමඟ පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය ලකුණු 140 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද හැකියාව ලැබුණා.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙක නවසීලන්තය ජයගත් අතර, ඒ අනුව තරගාවලියේ ජය තරග දෙකට එකක් ලෙස නවසීලන්ත කණ්ඩායම සතු වුණා.

ඕක්ලන්ඩ් හිදී අද (11) පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී 290ක් සිය ලකුණු පුවරුවට එක් කළා.

එහිදී පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ අර්ධ ශතකවලින් සිය දායකත්වය ලබා දුන්නා.

පන්දු යව්මේ දී මැට් හෙන්රි ලකුණු 55ක කඩුලු 04ක් සහ මිචෙල් සැන්ට්නර් ලකුණු 55ට ශ්‍රී ලංකා කඩුලු 02ක් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 291ක ඉලක්කයක් හඹා යාමට නවසීලන්ත ආරම්භක පිතිකරුවන් ඉනිම ඇරඹු අතර, ඔවුන්ට සාර්ථක වීමට අසිත ප්‍රනාන්දු සහ මහිෂ් තීක්ෂණ ඉඩ ලබාදුන්නේ නැහැ.

ඒ, අනුව ආරම්භක පිතිකරු විල් යං ලකුණු ලබාගැනීමට පෙර දවාගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වූ අතර, අනෙක් ආරම්භක පිතිකරුවා වූ රචින් රවීන්ද්‍ර එක් ලකුණකට දවාගන්නට තීක්ෂණ සමත් වුණා.

එතැනින් ආරම්භ කළ පීඩනය දිගින් දිගටම නවසීලන්ත පිතිකරුවන්ට එල්ල කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් කටයතු කළා.

ඒ, අනුව නවසීලන්ත පිතිකරුවන් සියලු දෙනා පන්දුවාර 29යි පන්දු 04ක් තුල ලකුණු 150කට සීමා කරන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

නවසීලන්ත ඉනිමේ සාර්ථක වූ එකම පිතිකරුවා බවට මාර්ක් චැප්මන් පත්වූ අතර, නවසීලන්ත අවසන් කඩුල්ල ලෙස ඔහු දැවී යන විට ලකුණු 81ක් රැස්කරගෙන සිටියා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 03ක්, එෂාන් මාලිංග කඩුලු 03ක් සහ මහිෂ් තීක්ෂණ කඩුලු 03ක් බිඳ දැමුවා.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පන්දු රැකීම ඉහළ මට්ටමක පැවති ආකාරය දැකගත හැකි වුණා.

ඒ අනුව මෙම තරගය ලකුණු 140කින් ජයගත් ශ්‍රී ලංකාව සිය ගෞරව රැක ගනිමින් නවසීලන්තය සමඟ එක්දින තරගාවලිය අවසන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?