කෙසෙල්ගමුඔය වනසන මැණික් ජාවාරම්කරුවෝ – වැටලීම් කරන්න පොලිස් නිලධාරීන් හිඟයි

කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය ආසන්නයේ මහා පරිමාණයෙන් සිදු කෙරෙන මැණික් ජාවාරමක් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි අර්බුදයකට ලක් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මැණික් ගැරීම සඳහා අදාළ පිරිසට කිසිදු නීතිමය බලපත්‍රයක් ද හිමි ව නොමැති අතර ඔවුන් 100 දෙනෙකුට අධික කණ්ඩායමක් යොදා ගනිමින් දිවා – රාත්‍රියේ දී මැණික් ගැරීම් සිදු කරන බවත් අදාළ ඉල්ලම් පස් කෙසෙල්ගමුඔයට සෝදා හරින බවයි.

නොර්වුඩ් පොලිස් වසමට අයත් පොට්රි වතුයායේ සිට කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් අසල බගවන්තලාව, මස්කෙළිය, හැටන් සහ නොර්වුඩ් යන ප්‍රදේශවලින් පැමිණ ජාවාරම්කරුවන් පිරිසක් මෙම මැණික් ගැරීම සිදු කරගෙන යන බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.

ජාවාරම්කරුවන් ජංගම දුරකථන හරහා තම මුරකරුවන් ස්ථානගත කර මෙම ජාවාරම යන්ත්‍ර සූත්‍ර පවා භාවිතා කරමින් එම ස්ථානයේ විශාල වළවල් හාරා එහි තුළ තිබෙන මැණික් ඉල්ලම් සහිත පස් කෙසෙල්ගමුඔයට සෝදා ඇති අයුරු දසත ප්‍රාදේශීය වාර්තාකරුගේ කැමරාවේ ද සටහන් වී තිබුණා.

නොර්වුඩ් පොලිසියේ නිලධාරින් සමග එම ස්ථානයට ඊයේ (08) දිනයේ දී යන විට ද ජාවාරම්කරුවන් පිරිස පලා ගොස් සිටි බවත් මැණික් ගැරීමට යොදා ගත් උපකරණ රැසක් පොලිස් භාරයට ගත් බවත් වාර්තා වනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්.එස්.පී රාජනායක මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු පැවසුවේ අදාළ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු ජනවාරි මස 06 වැනි අත් අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත්; මෙම වැටලීම් සිදු කිරීමට අවශ්‍ය තරම් පොලිස් නිලධාරීන් තම සේවා ස්ථානයේ නොමැති වීම ද ගැටලුවක් වී ඇති බවයි.

අමතර පොලිස් නිලධාරින් නොර්වුඩ් පොලිස් ස්ථානය වෙත අනුයුක්ත කිරිමට කටයුතු කරන ලෙස හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16