ආගමික පූජකයෙකු වෙන්න ඉගෙන ගන්න ගිය සිසුවෙකු අතුරුදන්

මුස්ලිම් ආගමික පූජකවරයෙකු වීමට අධ්‍යාපනය ලැබීමට පානදුර – මෝදර පිහිටි දහම් අධ්‍යාපන ආයතනයට ගිය 15 හැවිරිදි සිසුවෙකු අතුරුදන් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිසුවා කළුතර – නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කළුතර දකුණ පොලිසිය පැවසූ බවයි.

ජාසම් මොහොමඩ් නමැති පාසල් සිසුවෙකු මෙලෙස අතුරුදන් ව තිබෙනවා.

අතුරුදන් සිසුවා පානදුර – මෝදර මද්‍රසා දහම් අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලබන බවත් ඔහු දෙසැම්බර් මස 10 වැනි දින සිය නිවාඩුව අවාසනයේ යළි විද්‍යාලයට යාම සඳහා ජනවාරි මස 02 වැනි දින පස්වරු 2.45ට කළුතර හොලික්‍රොස් විද්‍යාලය ඉදිරිපිට බස් නැවතුම්පොළෙන් කොළඹ බස් රථයකට නැග ඇති බවත් පොලිස් පැමිණිල්ලේ සඳහන්.

මෙම දරුවා පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වූයේ මද්‍රසා පාසලේ ඉගෙනුම ලැබීමට තිබූ දැඩි කැමැත්ත මත බවයි දෙමාපියන් පවසා ඇත්තේ.

පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වන අතුරුදන් වූ දරුවා පාසලට නො පැමිණෙන්නේ කුමන හේතුවක් මත දැයි ඔහුගේ මද්‍රසා දහම් පාසලේ ගුරුවරුන් දූරකථන ඇමතුම් මාර්ගයෙන් මවගෙන් විමසා තිබෙනවා.

ඉන් පසුව තමන් දරුවා පාසලට නොගොස් ඇති බවට දැනගත් බවයි අතුරුදන් වූ දරුවාගේ මව කළුතර දකුණ පොලිසිය පවසා ඇත්තේ.

සතියකට ආසන්න කාලයක සිට මෙම දරුවා ආ ගිය අතක් නොමැති අතර දරුවා සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12