නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල ඉලක්කයක් – තීක්ෂණගෙන් කඩුලු ත්‍රිත්වයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර දෙවන එක්දින තරගය අද (08) හැමිල්ටන් හිදී ආරම්භ වුණා.

වර්ෂාව හේතුවෙන් තරගය පැය 02 ක පමණ ප්‍රමාදයකින් පසු ආරම්භ වූ අතර, තරගයේ එක් ඉනිමක් පන්දුවාර 37කට සීමා සීමා කිරීමටයි විනිසුරුවරුන් තීරණය කළේ.

තරගයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වූ අතර,ඔහුගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 37 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 255ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී නවසීලන්ත ඉනිම වෙනුවෙන් ආරම්භ පිතිකරු රචින් රවීන්ද්‍ර ලකුණු 79ක් රැස්කළ අතර, මාර්ක් චැප්මන් ලකුණු 62ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ කඩුලු 04ක් බිඳ දැමූ අතර, වනිඳු හසරංග කඩුලු 02 ක් සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවාගත්තා.

මහීෂ් තීක්ෂණ මෙහිදී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීම ද විශේෂත්වයක්.

මිචෙල් සැන්ට්නර්, නේතන් ස්මිත් සහ මැට් හෙන්රි යන පිතිකරුවන් තීක්ෂණගේ කඩුලු ත්‍රිත්වයේ ගොදුරු බවට පත් වුණා.

ඒ, අනුව ශ්‍රී ලංකාවට තීරණාත්මක මෙම තරග ජයගැනීමට පන්දුවාර 37ක් තුළ ලකුණු 256ක ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55