ජනපති අනුරගේ ටී පාටියේ වියදම ගැන පාර්ලිමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

10 වන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයෙන් පසු ලබාදුන් තේ පැන් සංග්‍රහවල වියදම් සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

ඒ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

අදාළ නිවේදනය පහතින්..

“පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන් පසුව ලබා දුන් තේ පැන් සංග්‍රහවල සත්‍ය වියදම්” යන මැයෙන් පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳවයි.

” පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන් පසුව ලබා දුන් තේ පැන් සංග්‍රහවල සත්‍ය වියදම් මෙන්න ” යන මැයෙන් 2024.12.29 වැනි දින ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවූ වාර්තාව සම්බන්ධව පහත කරුණු අවධාරණය කරමි.

එම මාධ්‍ය වාර්වේ දක්වා ඇත්තේ පාර්ලිමේන්තු වැය ශිර්ෂ යටතේ චාරිත්‍රානුකූලව පවත්වන උත්සව කටයුතු සහ තේ පැන් සංග්‍රහ කටයුතු වෙනුවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී රුපියල් 287,340/= ක මුදලක්ද දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන් පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහය වෙනුවෙන් රුපියල් 339,628.55ක මුදලක් වැය වී ඇති බවයි.

නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය 2020.08.20 වැනි දිනද දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය 2024.11.21 යන දිනයන්හිදී පවත්වා ඇත.

ඒ අනුව නවවැනි සහ දසවැනි පාර්ලිමේන්තුව වල මංගල සැසිවාරයන් වෙනුවෙන් පවත්වනු ලැබූ තේ පැන් සංග්‍රහ කටයුතු වෙනුවෙන් දරන ලද වියදම අතර වෙනසට පහත කරුණු හේතුපාදක වී ඇති බව දන්වනු කැමැත්තෙමි .

මෙම නවවැනි සහ දසවැනි පාර්ලිමේන්තුව වල පැවැත්වූ මංගල සභා වාරයන් අතර කාල පරාසය වසර 4ක් පමණ වේ. එම කාල පරාසය තුළ වෙළඳපොළේ සිදුවූ මිල උච්චාවචනයන් ප්‍රධාන වශයෙන් සංග්‍රහ වියදම් හා අනෙකුත් වියදම් ඉහළයාමට බලපා ඇත. මෙම කාල පරාසය තුළ සිදුවූ ආර්ථික පසුබෑමත් සමග භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් අ‍ාහාර වර්ග සකස් කිරීම සඳහා දැරීමට සිදුවූ වියදම 2020 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේදී දළ වශයෙන් 100% කින් වර්ධනය වී ඇති බව දන්වනු කැමැත්තෙමි.

තවද මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොව ,රාජ්‍ය තාන්ත්‍රිකයින්,අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන්, ආරාධිතයින් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ බව වැඩි දුරටත් දන්වමි.

එම්. ජයලත් පෙරේරා,
අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා / අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන),
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03