චීනයේ කිංහයි-ටිබෙට් සානුවෙන් ටොන් මිලියන 20 ඉක්ම වූ නව තඹ ආකරයක් සොයාගනී

චීනයේ කිංහයි-ටිබෙට් සානුවෙහි ඛනිජ ගවේෂණය ආශ්‍රිතව විශාල දියුණුවක් ලබා ඇති අතර, එහි සාර්ථකත්වය යළිත් පෙන්නුම් කරමින් ඔවුන් නව තඹ ආකරයක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

චීන ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ චීන භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ අදාළ සානුව ආශ්‍රිතව මේ වනවිට සොයා ගෙන ඇති තඹ සම්පත ටොන් මිලියන 20කට වඩා වැඩි බවයි.

කෙසේවෙතත් කිංහයි-ටිබෙට් සානුව ආශ්‍රිත තඹ සම්පත ටොන් මිලියන 150ක ඇස්තමේන්තුගත විභවයක් සහිත වනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.

ඒ, අනුව මෙම කලාපය ලෝක මට්ටමේ තඹ සම්පත් කේන්ද්‍රස්ථානයක් බවට සංවර්ධනය කිරීමට චීනය සූදානම් බව ද සඳහන්.

මෙම සොයා ගැනීම චීනයේ තඹ සම්පත් ආරක්ෂණ හැකියාවන් සැළකිය යුතු ලෙස වැඩි දියුණු කරනු ඇති අතර, චීනයේ හරිත බලශක්තිය සංවර්ධනය හා භාවිතය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම නව බලශක්ති වාහන නිෂ්පාදනය සහ අනෙකුත් කර්මාන්ත සංවර්ධනයට ද සහාය දෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32