බයික් එකක් සයිස් ටූනා ඩොලර් මිලියන 1.3කට විකිණෙයි

යතුරුපැදියක් තරම් විශාල ප්‍රමාණයකින් යුත් ටූනා මත්ස්‍යයෙක් ඩොලර් මිලියන 1.3ක වාර්තා ගත මුදලකට අලෙවි වූ පුවතක් වාර්තා වනවා.

මෙම අලෙවිය ජපානයේ අගනුවර පිහිටි ටොයෝසු මාළු වෙළෙඳපොළේ වාර්ෂික අලුත් අවුරුදු වෙන්දේසියේ දී සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ටොයෝසු මාළු වෙළෙඳපොළේ මෙවර වාර්ෂික අලුත් අවුරුදු වෙන්දේසියේ දී ටූනා මත්ස්‍යයෙක් වෙනුවෙන් මෙතෙක් ගෙවූ ඉහළම මිල මෙයවීම ද විශේෂත්වයක්.

ජපානයේ සුෂි ආපනශාලා හිමි ආයතනයක් වන ඔනොඩෙරා සමූහය විසින් මෙම බ්ලූෆින් වර්ගයේ ටූනා මත්ස්‍යයා මිලදී ගෙන ඇති අතර, ඒ සඳහන් ඔවුන් යෙන් මිලියන 207ක් එනම් ඩොලර් මිලියන 1.3ක් ගෙවා තිබෙනවා.

ඔවුන් විසින් මෙලෙස අධික මුදලක් ගෙවා මිල දී ගත් බ්ලූෆින් වර්ගයේ ටූනා මත්ස්‍යයාගේ බර කිලෝග්‍රෑම් 276ක් වනවා.

පසුගිය වසරේ මෙම වෙන්දේසියේ ටූනා මත්ස්‍යයෙක් සඳහා ගෙවූ ඉහළම මිල ලෙස ජපන් යෙන් මිලියන 114ක් බව වාර්තා වනවා.

වෙන්දේසි වාර්තා ආරම්භ වූ දා සිට ඉහළම වෙන්දේසි මිල ලෙස 2019 දී යෙන් මිලියන 333.6ක් ටූනා මත්ස්‍යයෙක් වෙනුවෙන් ගෙවා ඇති අතර, ජපන් “ටූනා කිං” සහ සුෂි අවන්හල් හිමිකරු කියෝෂි කිමුරා විසින් එම මත්ස්‍යයා මිල දී ගෙන තිබෙනවා.

1935 දී විවෘත කරන ලද ටොයෝසු මාළු වෙළඳපොළ, ලෝකයේ විශාලතම මාළු වෙළඳපොළ ලෙස හඳුවන්වන අතර, ටූනා මසුන් වෙන්දේසි සඳහා ප්‍රසිද්ධියක් ද උසුලනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
කථානායක පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් එක්ක පැටලෙයි - මේ සෙල්ලම මෙහෙම කරන්න බෑ
04:19
Video thumbnail
අර්චුනාට මෝ#යා කිව්ව නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්නේ
07:02
Video thumbnail
අර්චුනා නැගිටලා කියපු දේට රෝහිණීටයි ප්‍රසාද් සර්ටයි හොඳටම හිනා - බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
02:18
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50
Video thumbnail
හිටපු හමුදාපතිට මාලිමාවෙන් ආරාධනාවක් ආවද ?රණවිරුවා කියන නම වුවමනාවෙන්ම නැතිකරන බවක් පෙන්නේ
06:37
Video thumbnail
සලේගේ සිද්ධිය ගැන හිටපු හමුදාපති කට අරියි - සලේව පුහුණු කළේ මම..දක්ෂ නිලධාරියෙක්..
03:12
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59
Video thumbnail
සුපිරි වෙළඳ සංකීර්ණයක රහසිගත ගබඩාවකින් මතුවූ කෝටි ගානක ස්මාර්ට් ජංගම දුරකථන
02:07
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24