‘ක්ලීන් ශ්‍රී ලංකා’ පෞද්ගලික බස් රථවලට කරදරයක් වෙලා – බස් සංගම් වර්ජයක් ගැන අනතුරු අඟවයි (වීඩියෝ)

මෝටර් රථ ආඥා පනතට පිටින් කටයුතු කර පෞද්ගලික බස් රථ වර්ජනයක් ඇතිවන තත්ත්වයට පත් නොකරන ලෙස පුද්ගලික බස් සංගම් පොලිසියට අනතුරු අඟවනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ බස් රථ සඳහා සිදුකරන මෙහෙයුම්වල ගැටළු පවතින බවයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ එම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සඳහා එළඹෙන සතියේ වැඩබලන පොලිස්පතිවරයා හමුවන බවයි.

ඒ වන තෙක්; ලබන සතියේ සිදුකිරීමට සැලසුම් කර තිබූ බස් වර්ජනය තාවකාලිකව අත්හිටුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

රජය විසින් ආරම්භ කළ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව පොලිසිය විශේෂ රථ වාහන පරීක්ෂා කිරීම ආරම්භ කළා.

එම පරීක්ෂා කිරීම්වලට අනුව මගී බස් රථ පරීක්ෂාවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් රාජකාරියේ යොදවා තිබෙනවා.

පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් පවසන්නේ එලෙස සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් බස් රථ තුළ ගමන් කර බස් රථ රියදුරන් සිදුකරන වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීමට හැකියාවක් නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
36
+1
1
+1
0
+1
1
+1
10
Subscribe
Notify of
8 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?