කිවි – සිංහ එක්දින තරගාවලිය හෙට ඇරඹෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය හෙට (05) අලුයම ආරම්භ වනවා.

දේශීය වේලාවෙන් අලුයම 3.30ට දෙරට අතර තරගය ආරම්භ වන්නේ වෙලින්ග්ටන් හිදීයි.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ද නායකත්වය චරිත් අසලංක විසින් දරනු ලබන අතර නවසීලන්ත නායකත්වය දරන්නේ මිචෙල් සැන්ට්නර් යි.

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරග 105ක් පවත්වා තිබෙනවා.

ඉන් වැඩි වාසි හිමිකරගෙන ඇත්තේ නවසීලන්තය යි.

ඔවුන් ශ්‍රී ලංකාව පරදා එක්දින තරග 52ක් ජයගෙන ඇති අතර තරග 43ක ජය හිමි ව ඇත්තේ ශ්‍රී ලංකාවටයි.

නවසීලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව මව්බිමේදි එක්දින තරග 30ක් ජයගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව සිය මව්බිමේ දී දිනා ඇත්තේ තරග 19ක් පමණයි.

එබැවින් හෙට පැවැත්වෙන එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් වනවා.

දෙරට අතර පැවති පන්දුවාර 20 තරගාවලියේ ශූරතාව ද තරග 2-1ක් ලෙස හිමිකරගත්තේ සත්කාරක නවසීලන්තයයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් හෙට තරගාවලියේ සංචිතයට ජෙෆ්‍රි වැන්ඩර්සේ, දුනිත් වෙල්ලාලගේ, එෂාන් මාලිංග, මොහොමඩ් ශිරාෆ්, ජනිත් ලියනගේ, නුවනිඳු ප්‍රනාන්දු ද කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?