කිවි – සිංහ එක්දින තරගාවලිය හෙට ඇරඹෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය හෙට (05) අලුයම ආරම්භ වනවා.

දේශීය වේලාවෙන් අලුයම 3.30ට දෙරට අතර තරගය ආරම්භ වන්නේ වෙලින්ග්ටන් හිදීයි.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ද නායකත්වය චරිත් අසලංක විසින් දරනු ලබන අතර නවසීලන්ත නායකත්වය දරන්නේ මිචෙල් සැන්ට්නර් යි.

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරග 105ක් පවත්වා තිබෙනවා.

ඉන් වැඩි වාසි හිමිකරගෙන ඇත්තේ නවසීලන්තය යි.

ඔවුන් ශ්‍රී ලංකාව පරදා එක්දින තරග 52ක් ජයගෙන ඇති අතර තරග 43ක ජය හිමි ව ඇත්තේ ශ්‍රී ලංකාවටයි.

නවසීලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව මව්බිමේදි එක්දින තරග 30ක් ජයගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව සිය මව්බිමේ දී දිනා ඇත්තේ තරග 19ක් පමණයි.

එබැවින් හෙට පැවැත්වෙන එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් වනවා.

දෙරට අතර පැවති පන්දුවාර 20 තරගාවලියේ ශූරතාව ද තරග 2-1ක් ලෙස හිමිකරගත්තේ සත්කාරක නවසීලන්තයයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් හෙට තරගාවලියේ සංචිතයට ජෙෆ්‍රි වැන්ඩර්සේ, දුනිත් වෙල්ලාලගේ, එෂාන් මාලිංග, මොහොමඩ් ශිරාෆ්, ජනිත් ලියනගේ, නුවනිඳු ප්‍රනාන්දු ද කැඳවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55