AFC Banner
Empty Ad
Empty Ad

මංගල තරඟයේදීම ප්‍රවීන් කඩුලු 11යි

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද සිව්වැනි දිනටත් පැවැත්වුණා.

ලකුණු 437ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 227ක් පමණයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 493ක් රැස් කර ඉනිම අත්හිටවූ අතර බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 251 ක් පමණි.

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 194 ක් රැස් කළ අතර ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට හිමි වූ ඉලක්කය ලකුණු 437කි.

මේ අතර සිය මංගල ටෙස්ට් තරඟයේදීම කඩුලු 11ක් දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් වුුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?