‍යුක්‍රේනය යුරෝපයට රුසියාවෙන් යන ගෑස් අපනයන මාර්ගය වසා දමයි

රුසියාව යුක්‍රේනය හරහා යුරෝපයට ගෑස් සැපයීම සිදු කිරීම නතර කර තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ; මෙතෙක් කළ ගනුදෙනුව කල් ඉකුත් වීම මත යුක්‍රේනය සහ රුසියාව අතර මෙම ව්‍යාපාරික කටයුත්ත පිළිබඳ ව එකඟතාවක් නිර්මාණය කරගැනීමට නොහැකි වීම මීට හේතුව බවයි.

සෝවියට් යුගයේ සිට රුසියාවේ ස්වාභාවික ගෑස් යුක්‍රේනය හරහා අපනයනය කෙරුණු අතර එය නව අවුරුදු උදාවත් සමග නතර කෙරුණා.

එමෙන්ම යුක්‍රේනය ද රුසියාවෙන් ගෑස් මිලට ගැනීම නතර කර තිබෙනවා.

අපි රුසියානු ගෑස් සංක්‍රමණය නැවැත්තුවා. මෙය ඓතිහාසික සිදුවීමක්. රුසියාවට වෙළෙඳපොළ අහිමි වෙනවා, මූල්‍යමය පාඩු ලබනවා. රුසියානු ගෑස් අත්හැරීමට යුරෝපය දැනටමත් තීරණය කර තිබෙනවා” යනුවෙන් යුක්‍රේනයේ බලශක්ති අමාත්‍ය ජර්මන් ගලුෂ්චෙන්කෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

2022 පෙබරවාරි මස ආරම්භ වූ යුද්ධය මධ්‍යයේ ගෑස් ප්‍රවාහය නැවැත්වීම අපේක්ෂා කෙරුණු අතර යුක්රේනය මිලිටරි ගැටුම් මධ්‍යයේ මෙම ගනුදෙනුව දීර්ඝ නොකරන බවට දැඩි ලෙස ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39