නව වසරේ අලුත් පරිවර්තනයකට ලක් කිරීමේ අභියෝගය රජය සතුයි – ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන අරඹමින් ජනපතිගෙන් ප්‍රකාශයක්

2025 ලැබූ නව වසරේ අලුත් පරිවර්තනයකට ලක් කිරීමේ අභියෝගය රජය සතුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ජාතික වැඩසටහන අරඹමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එම අභියෝගය ඉටු කිරීම වෙනුවෙන් මුළු දේශපාලන අධිකාරියම පෙනී සිටින බවත්; නව දේශපාලන සංස්කෘතියක් තුළින් නව වසර ආරම්භ කර ඇති බව ද හෙතෙම මෙහිදී උත්සව සභාව අමතමින් පෙන්වා දුන්නා.

නීතිය විධානය අධිපාත්‍ය යළි තහවුරු කිරීම වෙනුවෙන් රජය විශාල වෙහෙසක් දරමින් සිටින බව ද පැවසු ජනාධිපතිවරයා, අල්ලස හා දුෂණය පිළිකාවක් ලෙස මුළු මහත් රාජ්‍ය පුරා ම පැතිරී ඇතැයි ප්‍රකාශ කළා.

යළිත් රට දූෂණයෙන්, වංචාවෙන් තොර රාජ්‍යයක් බවට පත් කිරීමේ ප්‍රධානතම නියමු කාර්ය භාරයක් නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ පද්ධතිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරී ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

දූෂණය හා වංචාව නතර කිරීමට දේශපාලන අධිකාරියේ මැදිහත්වීම හා ආදර්ශය පමණක් ප්‍රමාණවත් නොවන බවයි ජනාධිපතිවරයාගේ අදහස වන්නේ.

ඒ සඳහා රාජ්‍ය ආයතන තමන්ට පැවරී ඇති වගකීම නිසි පරිදි තේරුම් ගෙන ඊට සහාය ලබාදිය යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

එළැඹෙන අයවැයෙන් දුප්පත්භාවය තුරන් කරන නව ආර්ථික වැඩපිළිවෙළක ආරම්භය සනිටුහන් කරන බවත්, දෙවැනුව රට ඩිජිටල්කරණයට ලක් කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

තුන්වන වැඩසටහන Clean Sri Lanka වැඩසටහන බවත් සමස්ත ගරා වැටුණු දිරාවැටුණු මාතෘ භූමිය යළි ප්‍රතිෂ්ඨාපනය සඳහා සෑම අංශයක ම සිදු කරන පිරිසිදුභාවය මෙහි අරමුණු බව ද ජනාධිපතිවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18