දස ලක්ෂය ඉක්ම වූ හෙරොයින් සමග සැකකරුවන් 05ක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනකු ඇතුළු පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලවාය – කොටවෙහෙරගල සහ වීරසේකරගම යන ප්‍රදේශවල සිදු කළ වැටලීමක දීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 -40ත් අතර වියෙහි පසුවන්නන්.

ඔවුන් අද (01) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?