ඔස්ට්‍රෙලියාව හමුවේ සිව්වැනි ටෙස්ට් තරගය ඉන්දියාව පරදියි

බෝඩර් ගවස්කාර් කුසලානයේ ‘ බොක්සිං දින ටෙස්ට් තරගය’ ජය ගැනීමට සත්කාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම මීට ටික වේලාවකට (30) පෙර සමත් වුණා.

ඉන්දියාවට එරෙහිව පැවැත්වුණු සිව්වැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 26 වැනි දින ඇරඹුණේ මෙල්බර්න් නුවර දියි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රෙලියා කණ්ඩායම පළමු ව පිතිකරණය තෝරාගත්තා.

එහිදී සිය නායකයාගේ තීරණයට සර්ව සාධාරණය කළ ඔස්ට්‍රෙලියානු පිතිකරුවන් තම පළමු ඉනිම ලකුණු 474ක් දක්වා රැගෙන යාමට සමත් වුණා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ස්ටීවන් ස්මිත් ලකුණු 140ක් ලබා ගත්තා.

සිය කුළුඳුල් ටෙස්ට් තරගයේ දී ම ප්‍රවේගකාරී ටෙස්ට් අර්ධ ශතකයක් ලබා ගැනීමට ළාබාලත සෑම් කොන්ස්ටස් සමත් වුණා.

මාර්නස් ලබුශේන්ග් සහ උස්මන් කවාජාගෙන් ද අර්ධ ශතක හිමිවුණා.

පළමු ඉනිමේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ජස්ප්‍රිට් බුම්‍රා කඩුලු 04ක් ද ජඩේජා කඩුලු 03ක් ද, ආකාෂ් ඩීප් කඩුලු 02ක් සහ වොෂින්ටන් සුන්දර් එක් කඩුල්ලක් ද බිඳ හෙලුවා.

සිය පළමු ඉනිම ඇරඹි ඉන්දීය කණ්ඩායම සියල්ලන් ම දැවී ලබා ගත්තේ ලකුණු 369ක් පමණයි.

එහිදී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට නිටිෂ් කුමාර් සමත් වුණා.

ඔහු ලකුණු 114ක් සහ ජයිස්වාල් ලකුණු 82ක් රැස් කළ අතර සුන්දර් ලකුණු 50ක් ලබාගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් පැට් කමින්ස්, ස්කොට් බෝලන්ඩ් සහ නෙතන් ලියෝන් කඩුලු 03 බැගින් බිඳ හෙලුවා.

සිය දෙවැනි ඉනිමට යළිත් පිතිකරණය ඇරඹූ ඔස්ට්‍රෙලියා කණ්ඩායම සියල්ලන් ම දැවී ලකුණු 234ක් ලබාගත්තා.

එහිදී මාර්නස් ලබුශේන්ග් ලකුණු 70ක් ද පැට් කමින්ස් සහ ලියෝන් ලකුණු 41 බැගින් ද රැස් කළා.

කඩුලු බිඳ දැමීමේ දී බුම්‍රා කඩුලු 05ක් බිඳ හෙලූ අතර සිරාජ් කඩුලු 03ක් සහ ජඩේජා එක් කඩුල්ලක් දවා ගත්තා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණයට හිමි වූ ඉලක්කය ලකුණු 339ක්.

නමුත් ඉන්දීය කණ්ඩායමට අද තරගයේ අවසන් දිනයේ දී සියල්ලන් ම දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 155ක් පමණයි.

ඒ අනුව ඔස්ට්‍රෙලියාව සිව්වැනි ටෙස්ට් තරගය ජය ගත්තේ ලකුණු 184කින්.

කඩුලු බිඳ හෙලීමේ දී පැට් කමින්ස් සහ ස්කොට් බෝලන්ඩ් කඩුලු 03 බැගින් බිඳ හෙලුවා.

නෙතන් ලියෝන් කඩුලු 02යි.

හෙඩ් සහ ස්ටාක් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ඒ අනුව පැවති ටෙස්ට් තරග 04න් තරග 2 -1ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් සිටීමට ඔස්ට්‍රෙලියාව සමත් වුණා.

තරගයේ වීරයා සම්මානය නායක පැට් කමින්ස් හට හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
9
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර්ගෙන් ආණ්ඩුවට යෝජනාවක් - මුදල් අමාත්‍යංශයේ ලේකම්ව අයින් කරන්න
05:29
Video thumbnail
මහා මංකොල්ලයට ජනාධිපති සෘජුව වගකිව යුතුයි
06:42
Video thumbnail
රු 1000කට අපි නැමෙන්නේ නෑ - අවංකව රාජකාරි කරන්නේ හරිද
02:39
Video thumbnail
අපිට චෝදනා කරන්න විපක්ෂයට මොකුත් නෑ
07:40
Video thumbnail
කථානායකකම පැත්තක තියලා දොස්තරකම අතට ගත්ත තුන්වැනි පුරවැසියා
01:39
Video thumbnail
ගෙයක් කොල්ලකාලා බඩු ටික බිරිඳටයි අනියම් බිරිඳටයි බෙදලා දීපු හිටපු ප්‍රා.සභා මන්ත්‍රීවරයා
01:26
Video thumbnail
බස් රථ තුනක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්
01:02
Video thumbnail
තුවක්කු පෙන්නලා අර්චුනා කාන්තාවන්ට තර්ජනය කළ හැටි
00:59
Video thumbnail
විදුලි වැට කඩාගෙන වන අලි ගමට කඩා පනින හැටි
01:23
Video thumbnail
මේ ආණ්ඩුවට ඡන්දේ දීපු මිනිස්සු අද ලැජ්ජා වෙනවා - හරිමගට ගන්න බෑ
06:10