තැනූ පැල ඔප දමන ආකාරය ගැන නිලන්ති කොට්ටහච්චිගෙන් ආදරණීය සටහනක්

ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය සිය මුහුණුපොතට තම පවුලේ ඡායාරූපයක් එක් කර තිබෙනවා.

ඇය ඊයේ (30) සිය ස්වාමිපුරුෂයා වන අසංක ආචාරිගේ මහතාගේ ගිණුම හා එක්කරමින් ඔහු සහ සිය දරු දෙදෙනා සමග ගත් පවුලේ ඡායාරූපයක් නිසදැසක් ද සමගින් එක් කර ඇති අයුරුයි දක්නට ලැබෙන්නේ.

පසුගියදා මන්ත්‍රිනී කොට්ටහච්චි සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ ද විවිධ පුවත් ද සංසරණය වන අයුරු දකින්නට ලැබුණා.

එවන් පසුබිමකයි ඇය සිය මුහුණුපොතට තම පවුලේ ඡායාරූපයක් එක් කර ඇත්තේ.

ඇය එම ඡායාරූපය එක් කරමින් සඳහන් කර ඇත්තේ;

අග ද මුල මැද නොම දැන
නමුදු හෙණ හත යදිමින
ගැහැණුන්ට නිති ගරහන
රටකි උඩු ගං බලා පිහිනන!
පැමිණි මග දෙස බලමින
ගැරහුම් මැද ද හිනැහෙන
ගරහන ලොවෙන් ඉගිළෙන
ගැහැණු ඇත මතු බුදු වන!
මඩ කන්ද පාමුල හිඳිමි
පිඬෙන් පිඬ ගුලි ගසමි
දිය දා පදම් කරමි
තැනූ පැල ඔපදමමි!..
” යනුවෙන් එහි සඳහන්.

  1. හැන්ගී හැන්ගී වෙස් බැන්දට නටන්න වෙන්නේ එලිපිට.ඔය වගේ අනාචාරයේ යන හැම ගෑනියෙක්ටම මිනිහා දරුවෝ මතක් වෙන්නේ සමාජේ එවා දැනගත්තට පස්සේ මම දන්න ගෑනියෙක් ඉන්නවා සුදර්ශිනි දන්දෙනිය තන්ගල්ලේ MOH එකේ වැඩ කරන ඒත් ඔය වවගේමයි මිනිහව බදාගෙන පාරේ යන්නේ හැබැයි කසාද බැදලා දරුවෝ 3 හදලා ඉද්දි අරන් නොගිය මිනිහෙක් නෑ එකිව. හැසිරෙන්නේ පත්තිනි අම්මා වගේ

    • ඔබ නිවැරැදියි.අනාචාරයේ හැසිරෙන බහුතරයක් ගැහැණු පිරිමි දෙපක්ෂයම සමාජය ඉදිරිපිට රගදක්වන්නේ ඉතාමත් හොද චරිත.එවැනි චරිත රගදක්වන අයට සමාජයේ ලැබෙන පිලිගැනීමද ඉහළයි.අනාචාරයේ හැසිරීම සාමාන්‍යකරණය වීම කණගාටුවට කරුණක්.MOH කියනකොට මතක් උනේ සමස්ථ රෝහල් පද්ධතිය පුරාම මෙවැනි විශමාචාරයේ හැසිරෙන සමහරක් ගැහැණුන් හා සමහරක් පිරිමින් සිටිනවා.(සමහරක් පමණයි.)

  2. පිටත ඔප දමමින
    ඇතුලත කුණු වසාගෙන
    හිසෙහි මැටි පුරවන
    දනන් සපිරුන තැනකි මෙදෙරන

    හිසෙන් මඩ උතුරන
    කලදි ඒවා ගෙන
    සුදනන් වෙත ගසන
    නරුමයන් කැල වෙලා අසරණ

    ඔප වැටුන ඇතුලත
    දිදුලන හදක් ඇති ලිය
    නොම සැලේ කිසිදින
    පිටත මඩ නොම රැදේ දියණිය

  3. උගන්දාවෙන් මඩ ගෙනෙත්
    ගැසුවේ දුදනන්ට එනමුදු
    ඇත්ත හෙළි පෙහෙල කිරීමේ මග
    තම ලාභයට වාසියට
    සත්‍ය යැයි බොරුවටම ගිනි කන වැටුණු
    පීඩිත වූ ජාතියක ඇස් වසා
    ආචාර්යාගේ වේල්ඩිමෙන් සිල් කළ
    රටට පෙර තමන් ගොඩයන්න
    ඕනෑම බොරුවක් ඇවිද්දන
    පින්තූරෙත් උගන්න්ඩාවෙන් ගෙනාවද
    අසාධාරණව හිතේ මට
    එළවපු හොරුන්ට , බොරුවෙන් ඉනිමං නොතබන්න

  4. බාධක මැදින් යන ගමන ජයෙන් ජය ගන්න ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා. ගැහැණියකට ගරහන මෙවැනි මිනිසුන් ජීවිතයේ කිසිම වරදක් කරලා නැතුව ඇති. 🤔 ශ්‍රි ලංකාවෙ දක්ෂතම දෙය කිසිම සොයා බැලීමක් නැතිව කෙනෙකුගෙ චරිතය විනාශ කිරීම. කර්මය කියලා දෙයකුත් තියෙනවා

  5. ගැහැණිය පමණක් පතිවත රැකිය යුතු, කියා ඔවදන් දෙන පිරිමි සිටින දේශයක බුදුරජුන් කියූ වදනක් සිහි විය නිසැකින්. නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගත නොහැකි මිනිසුන්.. ජේසු තුමන් පැවසූ කිසිදු වරදක් නොකළ අයෙක් ඇත්නම් පව් කාරියට මුලින්ම ගල ගසන්න කියමනද මතක් විය. ප්‍රශ්නය දූෂණය, හොරකම්, අල්ලස සහ බල ලෝබය නම් එය අමතක කරන්න මේ සමාජය මෙහෙයවන නිඝන්ටයෝ කව්රුන්ද යන්න සිතා බලා ජනාධිපති තුමාගේ කකුලෙන් නොඇද රට පෙරට ගෙනයමු අප එක් සිතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි විපක්ෂයට ආශිර්වාද කරනවා - නලින්ද විපක්ෂයට දාපු කින්ඩිය
07:42
Video thumbnail
උලමා සංවිධානය හමුවෙන්න ගිය නීතිඥ සංගමයේ සභාපති කිව්ව දේ - අපි සම්පූර්ණයෙන් විරුද්ධයි
04:53
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ
01:15
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු
02:13
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
00:51
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ - "මොනවද Deposit කළේ කියලා ඇහුවේ"
01:44
Video thumbnail
හෝමාගමට එන වැලිකඩ බන්ධනාගාරය...
00:17
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු - නලා සංඥා නිකුත් කරමින් අනතුරු අගවයි
03:05
Video thumbnail
"අස්සවල්වල හැංගිලා ඉන්න එකෙන්ම පේනවා ඒ පොලිස් නිලධාරීන්ගේ වංක චේතනාව"
01:25
Video thumbnail
සුගීෂ්වර බලන්න මැගසින් බන්ධනාගාරයට ආ සීලරතන හිමි - "හර්ෂණ තොත්ත බබා වගේ..පටි දෙකක් දාගෙන"
03:51