හිටපු ජනපති රනිල් මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට යයි (ඡායාරූප)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක් ව තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා අද (27) පෙරවරුවේ දී නවදිල්ලි අගනුවර දී අවමංගල උත්සවයට එක් වූ බවයි වාර්තා වන්නේ.

එහිදී මන්මෝහන් සිං මහතාගේ බිරිඳ වන ගුර්ශරන් කෞර් මහත්මිය හමු වී සිය ශෝකය පළ කිරීමට ද හිටපු ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේ නව දිල්ලියේ මන්මෝහන් සිං මහතාගේ නිවසට පැමිණ සිටි ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා සමඟ ද රනිල් වික්‍රමසිංහ මහතා කෙටි සාකච්ඡාවකට එක් වූ බවයි පැවසෙන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ඉන්දීය සංචාරයක නිරතව සිටින අතර ඒ අතරතුර ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ගොස් තිබෙනවා.

WhatsApp Image 2024 12 27 at 14.10.57
WhatsApp Image 2024 12 27 at 14.10.56 1
WhatsApp Image 2024 12 27 at 14.10.56
WhatsApp Image 2024 12 27 at 14.10.55 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46