හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක් ව තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා අද (27) පෙරවරුවේ දී නවදිල්ලි අගනුවර දී අවමංගල උත්සවයට එක් වූ බවයි වාර්තා වන්නේ.
එහිදී මන්මෝහන් සිං මහතාගේ බිරිඳ වන ගුර්ශරන් කෞර් මහත්මිය හමු වී සිය ශෝකය පළ කිරීමට ද හිටපු ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.
එම අවස්ථාවේ නව දිල්ලියේ මන්මෝහන් සිං මහතාගේ නිවසට පැමිණ සිටි ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා සමඟ ද රනිල් වික්‍රමසිංහ මහතා කෙටි සාකච්ඡාවකට එක් වූ බවයි පැවසෙන්නේ.
රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ඉන්දීය සංචාරයක නිරතව සිටින අතර ඒ අතරතුර ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ගොස් තිබෙනවා.