බණ මඬුවේ ධර්මාසනය මත පුද්ගල මළසිරුරක්

බලන්ගොඩ – රජවක ප්‍රදේශයේ ඇති විහාරස්ථානයක ධර්ම ශාලාවේ ධර්මාසනය මත මියගොස් සිටි පුද්ගල මළසිරුරක් හමු වී තිබෙනවා.

අද (23) අලුයම මෙම මළසිරුර හමු වූ බවයි බලංගොඩ පොලිසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ බලංගොඩ – විකිලිය ප්‍රදේශයේ පදිංචි ව සිටි තබ්බිරාජා කදිරවෙල් නමැති 67 හැවිරිදි අයෙක්.

විහාරස්ථානයේ වැඩවසන සාමණේර හිමිනමක විසින් මෙම සිරුර දැක එම විහාරස්ථානයේ නායක හිමියන් වෙත දැනුම්දී තිබෙනවා.

ඉන් අනතුරුවයි නායක හිමියන් විසින් බලංගොඩ පොලිස් ස්ථානය දැනුම්වත් කරනු ලැබුවේ.

මෙම පුද්ගලයා නිතරම විහාරස්ථානයට යන එන පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මරණයට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ.

මරණකරුගේ මුඛයෙන් රුධිරය වහනය වී ඇති අයුරු නිරීක්ෂණය වී තිබෙනවා.

මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලංගොඩ මූලික රෝහල වෙත ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23