සුදුවෙන්න ගාන බාල ක්‍රීම්, ආලේපන සොයා පාරිභෝගික කටයුතු නිලධාරීන් පිටකොටුව පීරයි (වීඩියෝ)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අද (21) පිටකොටුව ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල් හදිසි වැටලීමකට ලක් කළා.

එහිදී සම පැහැපත් කරන ක්‍රීම්වර්ග, ආලේපන වර්ග, සුවඳ විලවුන්, සබන්, හිස කෙස් වර්ණක පිළිබඳව විශේෂ පරීක්ෂාවක් සිදුකරනු ලැබුවා.

මෙම පරික්ෂා කිරීම්වල දී ආනයනකරුගේ නම සඳහන් නොමැති ගුණාත්මක බවෙන් අඩු රූපලාවන්‍ය ද්‍රව්‍ය එම නිලධාරීන් භාරය ගැනීමටයි කටයුතු කළේ.

එලෙස ආනයනකරුවන්ගේ නම සඳහන් නොමැති රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කළ වෙළඳුන්ට තරයේ අවවාද කිරීමටයි පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් එම අවස්ථාවේ කටයුතු කරනු ලැබුවේ.

එමෙන්ම එම වෙළඳුන්ට එරෙහිව අලුත්කඩේ අධිකරණයේ නඩු පැවරීමට නියමිත බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩ බලන අධ්‍යක්ෂක ජනරාල් තිලකරත්න බණ්ඩා පැවසුවේ මෙවැනි ආකාරයේ රූපලාවන්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම් දී කාන්තාවන් ඉතා සැළකිලිමත් විය යුතු බවයි.

මෙවැනි නිෂ්පාදන තුළ බැර ලෝහ වර්ග ඇතුළත් වීමට හැකි බවත්, ඒ තුළින් සමට ඉතා අහිතකර තත්ත්වයන් ඇතිවිය හැකි බවත් අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05