AFC Banner
Empty Ad
Empty Ad

මැයි 4දා සනත් සහ අරවින්ද පිටිය දෙවනත් කිරීමට සූදානමින්

එළඹෙන මැයි 4 වැනි දින ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමග තරග කරන විශ්‍රාම ගිය ආදි ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් පිලට සනත් ජයසූරිය සහ අරවින්ද සිල්වා යන සුපිරි ක්‍රීඩකයන් දෙදෙනා ඇතුළත් කොට තිබේ.

විශ්‍රාමලත් ආදී ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කණ්ඩායම ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨයන් (SRI LANKA GREATS) නමින් හැඳින්වේ.

මෙම කණ්ඩායමේ සංචිතය මේ වන විට නම් කොට ඇති අතර එහි නායකත්වය සනත් ජයසූරියට ලබාදී තිබේ.

තමන් ජයසූරිය හා අරවින්ද සිල්වාට අමතරව උපුල් තරංග, නුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද්, උපුල් චන්දන, චාමර සිල්වා, ඉන්දික ද සේරම්, මලින්ද වර්ණපුර, සමන් ජයන්ත ඇතුළු ජාතික කණ්ඩායම නියෝජනය කළ විශ්‍රාමික ක්‍රීඩකයින් 13 දෙනෙකු ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨයන්ගේ නම් කොට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?