අපේක්ෂකයින් 1,024ක් ආදායම් වියදම් වාර්තා භාර දී නැහැ – නීතිය ක්‍රියාත්මක කිරීමට සැරසෙයි

නිමා වූ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින් 1,024 දෙනෙක් සිය ආදායම් වියදම් වාර්තා භාර දී නොමැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඒ, අනුව මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 8,888න් 7,864 දෙනෙක් සිය ආදායම් වියදම් වාර්තා භාර දී ඇති බවයි කොමසාරිස්වරයා සඳහන් කළේ.

එලෙස භාර දී ඇති අදායම් වියදම් වාර්තා අද (17) දිනයේ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මහජනතාව සඳහා ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමසාරිස්වරයා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා.

මේ අතර ආදායම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින් 1,024 සම්බන්ධයෙන් ඒ ඒ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් අදාළ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පැමිණිලි කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඒ, අනුව එම අපේක්ෂකයින්ට අදාළ නීතිමය කටයුතු ගැනීමට මූලික කටයුතු ඉදිරි දින කිහිපය තුළ සිදුකරන බව ද මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12