රීසාගේ මංගල ශතකයෙන්, 2022 අගෝස්තුවෙන් පසු දකුණු අප්‍රිකානුවන්ට 20-20 තරගාවලි ජයක්

පාකිස්ථානය සමඟ ඊයේ (13) පැවති දෙවන පන්දුවාර 20-20 තරගය; රීසා හෙන්ඩ්‍රික්ස්ගේ සුපිරි පිතිකරණය හමුවේ ජය ගන්නට දකුණු අප්‍රිකාවට හැකියාව ලැබුණා.

සංචාරක පාකිස්ථානය පරාජය කරමින් දකුණු අප්‍රිකානුවන් මෙම තරගය ජයගත්තේ කඩුලු හතකින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 206ක් රැස්කර ගත්තා.

එහිදී පාකිස්ථාන ඉනිම වෙනුවෙන් සයිම් අයුබ් නොදැවී ලකුණු 98ක් රැස් කළේ පන්දු 57ක් වැයකරමින්.

ඊට අමතරව බාබර් අසාම් ලකුණු 31ක් සහ ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 30ක් පාකිස්ථාන ලකුණු පුවරුවට එක් කළා.

අනතුරුව ලකුණු 207ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට දකුණු අප්‍රිකානු පිතිකරුවන් පිටියට පිවිසි අතර, එහිදී ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස් සුපිරි ඉනිමක් දියත් කළා.

එහිදී සිය මංගල T20 ශතකය වාර්තා කළ රීසා පන්දු 63කට මුහුණ දෙමින් ලකුණු 117ක් රැස් කිරීමට සමත් වුණා.

ඊට අමතරව සිය 07 වන විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කළ වැන් ඩර් ඩුසන් නොදැවී ලකුණු 66ක් රැස් කළා.

ඒ, අනුව දකුණු අප්‍රිකාවට හිමි වූ ලකුණු 207ක ඉලක්කය පන්දුවාර 19යි පන්දු 03ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී පසුකර යමින් මෙම තරගය ජයග්‍රහණය කළා.

මේ සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙක ජයගත් දකුණු අප්‍රිකානුවන් තරගාවලියේ ජය තමන් දෙසට හරවා ගත්තා.

දකුණු අප්‍රිකානුවන් විස්සයි විසස් තරගාවලියක් ජයග්‍රහණය කළේ 2022 අගෝස්තුවෙන් පසුව වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03