වසරකට වරක් කඩා හැලෙනා ‘ජෙමිනිඩ්ස්’ උල්කාපාත වර්ෂාව අද (වීඩියෝ)

මෙම වසරට පෙනෙන අවසාන ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද (13) රාත්‍රියේ දී දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාන සහ ඉංජිනේරු කතිකාචාර්‍යය ගිහාන් වීරසේකර මහතා පවසනවා.

ඒ අනුව අද රාත්‍රියේ දී පැයකට උල්කාපාත 150ක ප්‍රමාණයක් කඩා හැලෙන බවයි වාර්තා වන්නේ.

මෙම උල්කාපාත වර්ෂාව ‘ ජෙමිනිඩ්ස්’ ලෙස හඳුන්වා ඇති බවත් එය සෑම වසරක් පාසා ම දිස්වන්නක් බවත් අද රාත්‍රියේ දී හා හෙට අලුයම (14) එය දක්නට ලැබෙන බවත් කතිකාචාර්‍යවරයා පවසනවා.

මෙම උල්කාපාත කඩා හැලීමේ උපරිමය හෙට අලුයම දිස්වන බවත් වාර්තා වනවා.

නැගෙනහිර දිශාවෙන් මෙය ආරම්භ වනු ඇති.

පූර්ව චන්ද්‍රයා මේ දිනවල දිස්වන හෙයින් අලුයම 03 සිට බටහිර අහස නිරීක්ෂණය කිරීමෙන් උල්කාපාත වර්ෂාව නැරඹිය හැකි වනවා.

එබැවින් සිය දරුවන් ද කැටුව මෙය නරඹන ලෙසත් ශ්‍රී ලංකා අභ්‍යවකාශ මධ්‍යස්ථානය මහජනතාවගෙන් සහ අභ්‍යවකාශ විද්‍යාවට කැමැත්තක් දක්වන පිරිසගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?