කතානායකට එරෙහිව විශ්වාසභංගයක් ? – අසෝක රන්වල කාර්මික නිලධාරියෙක් (වීඩියෝ)

තමන්ට ‘ ආචාර්ය’ තනතුරක් පවතින බවට රටේ උත්තරීතර ආයතනයක් වන පාර්ලිමේන්තුව මෙන් ම සිවිල් සමාජය ද මුලා කළ වරදට එරෙහිව විපක්ෂය එක් වී කතානායක අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සාකච්ඡා කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසනවා.

අද (11) පැවති මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා පැවසුවේ; හෙට (12) දිනයේ දී විපක්ෂයේ රැස්වීමක් පැවැත්වෙන බවත් එහිදී මෙම කාරණය සම්බන්ධයෙන් වැඩිවශයෙන් අවධානය යොමු කරන බවයි.

ඒ අනුව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට විරුද්ධව ගෙන එන්නේ නම්; සෙසු පක්ෂ සමග ද සාකච්ඡා ආරම්භ කරන බව අජිත් පී. පෙරේරා මහතා පැවසුවා.

කතානායකවරයා වීමට පෙර අසෝක රන්වල මහතා විසින් මැතිවරණ ක්‍රියාවලියේ දී එනම්, ඡන්ද ප්‍රචාරණ කටයුතුවල දී මෙන් ම ඔහු පැවැත්වූ විවිධ දේශනවල දී ද තමන්ගේ නම ඉදිරියෙන් ‘ආචාර්‍යය’ යනුවෙන් යොදා ගැනීමත්; ඊටත් වඩා පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය විසින් ඔහුගේ නම යෝජනා කරනු ලැබූ අවස්ථාවේ දී පවා ආමන්ත්‍රණය කර සිටියේ; ආචාර්ය අසෝක රන්වල යනුවෙන් බවත්; කිනම් හෝ අවස්ථාවක ඔහු හට ආචාර්‍යය උපාධියක් හිමි නොවන බව නිල වශයෙන් සනාථ වුවහොත් ඔහු සිදු කර ඇත්තේ රටක් නොමඟ යැවීමක් බවයි සජබ මන්ත්‍රීවරයා සඳහන් කළේ.

කතානායකවරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් නිහඬව සිටිමින් මුනිවත රැකීම ද දැඩි ප්‍රශ්නයක් බවත්; ඔහු හට ආචාර්‍යය උපාධියක් ඇත්නම් නොසඟවා එය සමාජගත කර මෙම ප්‍රශ්න විසඳීමට සහාය දක්වන ලෙසටත් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ද විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

අසෝක රන්වල යනු වසේඩා විශ්වවිද්‍යාලයේ හෝ මොරටුව සරසවියේ රසායන ඉංජිනේරු විද්‍යා උපාධිධාරියෙක් නොව, ආධුනිකත්ව මණ්ඩලයෙන් ආ කාර්මික නිලධාරියෙක් බවත් ඔහු තමන් තෙල් සංස්ථාව පාලනය කරන සමයේ සිට හඳුනන පුද්ගලයෙකු බවයි පාඨලී චම්පික මහතා කියා සිටියේ.

  1. සිනමාවේ ජෝකර්ලා සේ මිනිසුන් දමා රටේම උත්තරීය තනතුරු හෑල්ලුවට ලක් කීරීම …. කාගේ කුමන්ත්‍රණය ද ????



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18