කතානායකගේ ආචාර්ය පට්ටම පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ගැලවෙයි

වත්මන් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් කටයුතු කරන මන්ත්‍රී අසෝක සපුමල් රන්වල මහතාගේ අධ්‍යාපනික සුදුසුකම් සහ ඔහුට ඇතැයි කියන ‘ ආචාර්ය උපාධිය සහ පශ්චාත් උපාධිය’ සම්බන්ධයෙන් පසුගිය දිනවල විශාල වශයෙන් සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් මතු වුණා.

මීට දින තුනකට ඉහතදීත් ඒ සම්බන්ධයෙන් කතානායකවරයා පවසා සිටියේ තමන්ට සහ පක්ෂයට අපහාස කිරීමේ අරමුණින් ඇතැමුන් විවිධ චෝදනා කරන බවයි.

අදාළ චෝදනාවලට මේ මොහොතේ පිළිතුරු සැපයීම අත්‍යවශ්‍ය නොවන බව ද කතානායකවරයා පෙන්වාදුන්නා.

තමන් මොරටුව විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හා ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් ලබාගෙන ඇති බවයි කතානායකවරයා කියා සිටියේ.

කෙසේවෙතත් මෙවන් තත්ත්වයක් මත පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් කතානායකවරයාගේ නමට ඉදිරියෙන් තිබූ ‘ ආචාර්ය’ තනතුර ඉවත් කර තිබෙන අයුරු දැකිය හැකි වනවා.

පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් පත් වූ පසුව ඔහුගේ නම ඉදිරියෙන් ‘Dr – ආචාර්ය අසෝක සපුමල් රන්වල ලෙසින් තිබුණ ද, මේ වනවිට ඇත්තේ අසෝක සපුමල් රන්වල යන නමින් පමණයි.

මෙම වෙනසට හේතුව කුමක් දැයි නිශ්චිතව පාර්ලිමේන්තු මහලේකම් කාර්‍යාලයෙන් නිල පැහැදිලි කිරීමක් සිදු කර නැහැ.

කුමක් හෝ කාරණයක් මත මේ වනවිට කතානායකවරයාගේ ආචාර්‍යය තනතුර නම් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ගලවා දමා තිබෙනවා.

WhatsApp Image 2024 12 10 at 11.20.36 1
WhatsApp Image 2024 12 10 at 11.20.36
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
20
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමති වැරැද්ද පිළිගත්තනේ මාධ්‍ය ඉදිරියේ ?159 නිසා බේරුණේ
03:08
Video thumbnail
නාමල්, යුපුන් ගැන කට අරියි - ගෙනාව අභිමානය ලංකාවේ කිසි ආණ්ඩුවකට දිනාගන්න බෑ
01:03
Video thumbnail
ජනපති අනුරගේ පොටෝ එකක් පාර්ලිමේන්තුවේ ලීක් කරයි ?දැක්ක දේ නිසා ප්‍රසාද් සර්ටත් වැදෙයි
02:53
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.24
08:45:17
Video thumbnail
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 116කින් පරාජය වෙයි
03:04
Video thumbnail
නාන්න ගිය පාසල් සිසුන් දෙදෙනා දිය ඇල්ලකින් වැ#ටී දිවි අහිමි වෙයි - පන්විලෙන් ඇසුණු හඳ කම්පා කරන පුවත
01:00
Video thumbnail
රෑට එකතුවෙලා හොරකමේ යනවා වගේ වැඩක් මේ - වටගල හිනාවෙවී විපක්ෂයට හොඳට අමතයි
14:07
Video thumbnail
මෙයා තමයි සැබෑ මි##රුවා - ප්‍රසාද් සර් අධිකරණ ඇමතිගේ කෙරුවාව හෙළිකරයි
07:32
Video thumbnail
සසරේ කිසිම දිනයක මෙවන් කරදරයක් සිදුනොවේවා..
00:26
Video thumbnail
අර්චුනා අධිකරණ ඇමතිට අනතුරු අඟවයි - 2029යේ ඇවිත් මෙයාව අවු:20ක් හිරේ දානවා
03:43