ආසියානු සංවර්ධන බැංකුව සමග බලශක්ති ව්‍යාපෘති සඳහා සාකච්ඡා කිරීමට අවසර

ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයන විදුලිබල පද්ධතියේ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ විදුලි සම්ප්‍රේෂණ ජාලය ශක්තිමත් කිරීම සහ නවීකරණය කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කිරීම සඳහා 2024‑09‑02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබෙනවා.

භාණ්ඩාගාර ඇපකරයක් මත වෙන් වෙන් වශයෙන් ණය ගිවිසුම් 02ක් යටතේ ලංකා විදුලිබල මණ්ඩලය සහ සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම වෙත පිළිවෙලින් අමෙරිකානු ඩොලර් මිලියන 150ක් සහ අමෙරිකානු ඩොලර් මිලියන 50ක් වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබෙන බවත් සඳහන්.

ඒ අනුව, එකී ණය මුදල ලබා ගැනීම සඳහා වන ඇපකර ගිවිසුමකට ආසියානු සංවර්ධන බැංකුව සමග අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
රටට සුබයි කිව්වා විතරයි අකුරැස්ස යටවුණා
04:07
Video thumbnail
ජනපති කිව්ව 4G කුළුණු ගැන නලින්ද හෙළිකරයි - 4G කතා කරලා ඒකේ Update එකක් විදියට 5Gවලට අපි යන්නේ
03:06
Video thumbnail
24 වැනිදාට පස්සේ හරිනි අවලංගු කාසියක්
04:15
Video thumbnail
පළතුරු උස්සගෙන ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලපු වෙළෙන්දෝ - හිතුමනාපෙට පීඩන කරනවා වෙළෙඳුන්ට
06:43