ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ එළඹෙන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත ඔහුව ඊයේ (06) කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පෙර ඔහුව අද (07) පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කෙරුණා.

කොල්ලුපිටිය ප්‍රදේශයේ දී ඔහු පැදවූ ඩිෆෙන්ඩර් රථය මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබූ අතර, එම අවස්ථාවේ දී ඔහු බීමතින් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?