ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආර්ථික සුරක්‍ෂිතතාව සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්

ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක, ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කල “ඉන්දියන් සාගර කලාපය තුල ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම යොදාගනිමින් මෙරට ආර්ථික සුරක්‍ෂිතතාව ප්‍රවර්ධනය කිරීම” යන තේමාව යටතේ කාලෝචිත වටමේස සාකච්ඡාවක් ඊයේ (05) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත් වුණා.

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වුණා.

ආර්ථික වර්ධනය සහ ඉදිරි ආර්ථික අභියෝග හමුවේ රටක් ලෙස ඊට ඔරොත්තු දීමේ හැකියාව සඳහා ශ්‍රී ලංකාවේ සුවිශේෂී භූගෝලීය පිහිටීම උපයෝගී කර ගැනීමට ඇති හැකියාවන් පිළිබඳ ගවේෂණය කිරීමේ අරමුණින් ප්‍රමුඛ පෙළේ විශේෂඥයින් රැසකගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වනු ලැබුවා.

ජාත්‍යන්තර ආර්ථික සංවර්ධන සමූහයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ආචාර්ය ගනේෂන් විග්නරාජා විසින් මෙහෙයවනු ලැබූ මෙම සැසිය සඳහා ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සහ ආර්ථික ගමන් මග සම්බන්ධව විවිධ ක්ෂේත්‍ර වල කටයුතු කරන විද්වතුන්ගේ ඉමහත් දායකත්වයක් හිමි වුණා.

එහිදී විශ්‍රාමික රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න විසින් නව්‍ය තාක්‍ෂණික ක්‍රමවේද අනුගමනය කරමින් ශ්‍රී ලංකාව සතු වරායන් හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඔස්සේ වඩා කාර්යක්‍ෂම සහ ගෝලීය තරඟකාරිත්වයට උචිත ලෙස වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය පිලිබඳ අවධාරණය කළා.

එමගින් කලාපීය ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ භූමිකාව ශක්තිමත් වනු ඇති බවට ඔහු විසින් කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

ලක්‍ෂමන් කදිරගාමර් අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ රවිනාථ පී ආර්යසිංහ, විසින් ගෝලීය බලවතුන් සමඟ ශ්‍රී ලංකාව පවත්වනු ලබන සබඳතා සමතුලිත කිරීමේ සහ කලාපීය වශයෙන් සිදුකෙරෙන ආර්ථික මුලපිරීම්වලට පාර්ශවකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව සහභාගී වීමේ වැදගත්කම සම්බන්ධයෙන් අවධාරණය

කළේය. එහිදී ඔහු උපායමාර්ගික භූ දේශපාලන ප්‍රවේශයන් ඔස්සේ මෙරට ආර්ථික සුරක්‍ෂිතභාවය වර්ධනය කරමින් කලාපය තුළ ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය ශක්තිමත් කළ හැකි ආකාරය අවධාරණය කළා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකු ජාලයෙහි ප්‍රධාන විධායක නිලධාරි බිඟුමල් චන්දික තේවාරතන්ත්‍රි අදහස් දක්වමින්, ගෝලීය දේශපාලන විෂමතාවයන් හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දෙන භූ දේශපාලනික අභියෝග පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් ලබා දුන්නා.

මෙහිදී ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමයේ සභාපති නිශාන් මෙන්ඩිස් කලාපීය සම්බන්ධතා පුළුල් කිරීම සම්බන්ධව සිය අදහස් දක්වන ලද අතර, ගුවන්, නාවික සහ ඩිජිටල් ජාල ඒකාබද්ධ කිරීමෙන් ආර්ථිකමය ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නංවමින් වඩා පුළුල් කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කළ හැකි ආකාරය ඔහු පෙන්වා දෙනු ලැබුවා.

ඉන්දියානු සාගර කලාපය හරහා වැටී ඇති ලෝකයේ පෙර අපර දෙදිග යාකෙරෙන මුහුදු වෙළඳ මාර්ගයේ වඩා උපායමාර්ගික ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා තිබීමේ තීරණාත්මක වැදගත්කම පිලිබඳ මෙම සාකච්ඡාවෙන් යළිත් අවධාරණය කරන කළා.

ශ්‍රී ලංකාවේ ආර්ථික සුරක්‍ෂිතතාව තහවුරු කිරීම සඳහා ඒකාබද්ධ ජාතික උපාය මාර්ගයක අවශ්‍යතාවය එහිදී කථික මණ්ඩල සාමාජිකයින් සාමූහිකව අවධාරණය කළා.

නුතන තාක්‍ෂණික ක්‍රමවේදයන්ට අනුකුලව ගෝලීය තරඟකාරිත්වයට ගැලපෙන සහ අවශ්‍යතාවන් සපුරාලිය හැකි පරිදි වරාය හා ඒ ආශ්‍රිත පහසුකම් නවීකරණය කිරීම සහ එමගින් වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙම සාකච්ඡාව තුළින් ඉස්මතු කරන ලද ප්‍රධාන උපාය මාර්ගවලට ඇතුළත් වුණා.

ශ්‍රී ලංකාව පුළුල් කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීම සඳහා ගුවන්, සමුද්‍රීය සහ ඩිජිටල් ජාල ඒකාබද්ධ කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කරනු ලැබුවා.

ඒ, වෙනුවෙන් දැනට පවතින බාධාවන් ඉවත් කිරීමට කටයුතු කිරීම සහ රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීම දේශීය හා විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා වැදගත් වනු ඇති බවද යෝජනා වුණා.

මීට අමතරව, ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපයිය හැකි ආර්ථික ප්‍රවාහයන් විවිධාංගීකරණය කිරීමේ දී මෙරට සාගර කලාපය තුල ධීවර කර්මාන්තය හා සමුද්‍ර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය, ගැඹුරු මුහුදේ සිදුකෙරෙන බලශක්ති ගවේෂණය වැනි තිරසාර නීල ආර්ථික ප්‍රවේශයන් පෝෂණය කිරීම අත්‍යවශ්‍ය බව හඳුන්වා දෙනු ලැබුවා.

අවසාන වශයෙන්, උපායමාර්ගික භූ දේශපාලනික සංචලනය, ගෝලීය බලවතුන් සමඟ පවත්වන අන්තර් සබඳතා සමතුලිත කිරීම සහ බිම්ස්ටෙක් සහ ඉන්දියානු සාගර රිම් සංගමය වැනි කලාපීය ආර්ථික මුලපිරීම්වලට සහභාගී වීම, ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික ඔරොත්තු දීමේ හැකියාවන් සහතික කිරීම සඳහා අතිශය තීරණාත්මක සාධක බවද අවධාරණය කරන කළා.

දිගු කාලීන සංවර්ධනයක් සහ ඔරොත්තු දීමේ හැකියාවක් ඇති කිරීම සඳහා ශක්තිමත් රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඇති කිරීම, රාජ්‍ය-පෞද්ගලික දෙපාර්ශ්වයේ හවුල්කාරිත්වයන් සහ නවෝත්පාදන සඳහා ආයෝජන ලබාදීම වැනි යෝජනාවන් ද මෙම විද්වත් සාමාජිකයින් විසින් ඉදිරිපත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46