දකුණු අප්‍රිකානු පළමු ඉනිම 358න් නවතී

සංචාරක ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 358ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී දකුණු අප්‍රිකානු ඉනිම වෙනුවෙන් රයන් රිකල්ටන් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 101ක් රැස් කළා.

නායක ටෙම්බ ​​බවුමා ලකුණු 78ක් රැස්කළ අතර, දකුණු අප්‍රිකානු පළමු ඉනිම ගෞරවාන්විත ස්ථානයකට ඔසවා තැබූ කයිල් වෙරෙයින් ලකුණු 105ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු අතරේ දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ වැඩි කඩුලු සංඛ්‍යාවක් බෙදී ගියා. (ලහිරු කුමාර කඩුලු 04, අසිත ප්‍රනාන්දු කඩුලු 03, විශ්ව ප්‍රනාන්දු කඩුලු 02)

ගැබා හිදී පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය අදයි.



අපගේ නවතම වීඩියෝ පුවත්