ඇෆ්ගන් කතුන්ට අධ්‍යාපනයේ අයිතිය දෙන්න – රෂීඩ්, නබී හා ගුර්බාස්ගෙන් විශේෂ ඉල්ලීමක් (ඡායාරූප)

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් එරට ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබලයින් දෙපළක් වන රෂීඩ් ඛාන්, මොහොමඩ් නබී සහ ගුර්බාස් විශේෂ ප්‍රකාශ නිකුත් කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ ගෝලීයකරණයට ලක් වෙමින් පවතින දියුණු සමාජ ක්‍රම ඇති ලෝකයේ ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට අධ්‍යාපන අයිතිය ප්‍රතිෂ්ඨාපනය කළ යුතු බවයි.

ඇෆ්ගන් පාලක වන මණ්ඩලය තලෛයිබාන් සංවිධානයෙන් රෂීඩ්, නබී හා ගුර්බාස් මෙම විශේෂ ඉල්ලීම සිදු කර තිබෙනවා.

හෙදියන් සහ වින්නඹු මාතාවන් ලෙස පුහුණුව ලබාදෙන ආයතන තලෛයිබාන් සංවිධානය විසින් එරට තුළ කාන්තාවන්ට නිරත වීම තහනම් කර තිබෙනවා.

එම අධ්‍යාපනය ලබාදෙන ඇෆ්ගනිස්තානයේ ආයතන ද මේ වනවිට වසා දැමීමටයි තලෛයිබාන්වරුන් පියවර ගෙන ඇත්තේ.

මෙම ක්‍රියාව අසාධාරණ බවත් එරට කාන්තාවන්ට ද අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමිගැන්වීම සිදු කරන ලෙසත් ඇෆ්ගන් ක්‍රීඩකයින් දෙපළ ඉල්ලීමක් කරනවා.

තලේබාන් විසින් ගැහැණු ළමයින්ට සහ කාන්තාවන්ට ද්විතීයික සහ උසස් අධ්‍යාපනය තහනම් කර තිබෙනවා.

එමෙන්ම කාන්තාවන්ට ක්‍රීඩා කටයුතුවල නිරත වීම ද තහනම් වන අතර දැන් වනවිට වෛද්‍ය අංශයේ ද නිරත වීම තහනම් වී තිබෙනවා.

“ඉස්ලාමීය ඉගැන්වීම් තුළ අධ්‍යාපනයට ප්‍රධාන තැනක් හිමි වන අතර, පිරිමි සහ ගැහැණු යන දෙඅංශයේම දැනුම ලුහුබැඳීම අවධාරණය කරයි” යනුවෙන් රෂීඩ් සිය Instagram ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කරනවා.

“කුරාණය ඉගෙනීමේ වැදගත්කම ඉස්මතු කරන අතර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ ම සමාන අධ්‍යාත්මික වටිනාකම පිළිගන්නා බවත් අපි තේරුම් ගත යුතුයි..’ යනුවෙන් එහි තවදුරටත් සඳහන්.

රෂීඩ් ඛාන් තැබූ සටහනට පිළිතුරක් වශයෙන් මොහොමඩ් නබී ද සිය එකඟත්වය මේ සඳහා ලබා දී තිබෙනවා.

එය මෙසේයි;

“ගැහැණු ළමයින්ට වෛද්‍ය විද්‍යාව හැදෑරීම තහනම් කිරීමට තලේබාන් සංවිධානය ගත් තීරණය හද කම්පා කරවන්නක් පමණක් නොව දැඩි අසාධාරණයකි. ඉස්ලාම් සෑම කෙනෙකුටම අධ්‍යාපනයේ වැදගත්කම අවධාරණය කර ඇති අතර ඉතිහාසය මුස්ලිම්වරුන්ගේ ආනුභාව සම්පන්න උදාහරණවලින් පිරී තිබේ. දැනුම තුළින් පරම්පරා ගණනාවකට වැදගත් දායකත්වයක් ලබා දුන්නේ කාන්තාවන්..” යනුවෙන් එහි සඳහන්.

Rahmanullah Gurbaz ද කාන්තා අධ්‍යාපනයට සහයෝගය දක්වමින් ෆේස්බුක් හි සටහනක් තබා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14