විශ්වාසභංගයෙන් ප්‍රංශ අගමැති ගෙදර යයි

ප්‍රංශ අගමැති මිචෙල් බාර්නියර්ට එරෙහිව එරට පාර්ලිමේන්තුව ගෙන ආ විශ්වාසභංග යෝජනාව හමුවේ හෙතෙම පරාජයට පත් ව තිබෙනවා.

බීබීසී පුවත් සේවය පැවසුවේ; අගමැතිගේ පරාජය සමග මිශ්‍ර ආණ්ඩුක්‍රමයක් සහිත (ජනාධිපති, අගමැති ප්‍රමුඛ කැබිනට්) ප්‍රංශ ආණ්ඩුව මේ වනවිට (05) බිඳ වැටී ඇති බවයි.

ඊයේ (04) මෙම විශ්වාසභංග යෝජනාව එරට අගමැති මිචෙල්ට එරෙහිව ඉදිරිපත් වුණා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසිනුයි අගමැති මිචෙල්ව පත් කරනු ලැබුවේ.

නමුත් ධුරයට පත් ව තුන් මාසයක් ගතවන විට ම එරට මන්ත්‍රීවරු එක්ව මිචෙල්ට එරෙහිව මෙලෙස විශ්වාසභංගයක් ගෙනැවිත් සම්මත කරගත්තා.

ප්‍රංශ අයවැය සම්මත කිරීමේ දී අගමැති මිචෙල් මතභේදාත්මක බලයක් භාවිත කිරීම එරට පාර්ලිමේන්තුවේ දැඩි දෝෂරෝපණයට ලක් කෙරුණා.

වර්ෂ1962 න් පසු විශ්වාසභංගයකින් පසු රටේ රජය බිඳවැටුණු පළමු අවස්ථාව ද මෙය වනු ඇති.

මෙම සිදුවීම ප්‍රංශ දේශපාලනය තවදුරටත් අස්ථාවර කරන බවයි දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ.

පසුගිය ගිම්හාන සෘතුවේ පැවති මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට ප්‍රංශ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලැබුණේ නැහැ.

ප්‍රංශ ව්‍යවස්ථාව ඩීගෝල් ක්‍රමයට සැකසුණු එකක් වන අතර අගමැතිවරයෙකු විශ්වාසභංගයකින් පහකිරීමට නම් ඡන්ද 288ක් අවශ්‍ය වනවා.

අගමැති මිචෙල්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 331ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මිචෙල් බාර්නියර් අද දිනයේ දී ධුරයෙන් නිල වශයෙන් නික්ම යනු ලබන අතර ඒ සමග ම ඔහු බලය යොදා ගෙන ආ ප්‍රංශ අයවැය ද අක්‍රීය වනු ඇති.

කෙසේ වෙතත්, මැක්‍රොන් අනුප්‍රාප්තිකයෙකු තෝරා ගන්නා තෙක් බොහෝ විට මිචෙල් භාරකාර අගමැති ලෙස රැඳී සිටීමට ඉඩ තිබෙන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?