විශ්වාසභංගයෙන් ප්‍රංශ අගමැති ගෙදර යයි

ප්‍රංශ අගමැති මිචෙල් බාර්නියර්ට එරෙහිව එරට පාර්ලිමේන්තුව ගෙන ආ විශ්වාසභංග යෝජනාව හමුවේ හෙතෙම පරාජයට පත් ව තිබෙනවා.

බීබීසී පුවත් සේවය පැවසුවේ; අගමැතිගේ පරාජය සමග මිශ්‍ර ආණ්ඩුක්‍රමයක් සහිත (ජනාධිපති, අගමැති ප්‍රමුඛ කැබිනට්) ප්‍රංශ ආණ්ඩුව මේ වනවිට (05) බිඳ වැටී ඇති බවයි.

ඊයේ (04) මෙම විශ්වාසභංග යෝජනාව එරට අගමැති මිචෙල්ට එරෙහිව ඉදිරිපත් වුණා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසිනුයි අගමැති මිචෙල්ව පත් කරනු ලැබුවේ.

නමුත් ධුරයට පත් ව තුන් මාසයක් ගතවන විට ම එරට මන්ත්‍රීවරු එක්ව මිචෙල්ට එරෙහිව මෙලෙස විශ්වාසභංගයක් ගෙනැවිත් සම්මත කරගත්තා.

ප්‍රංශ අයවැය සම්මත කිරීමේ දී අගමැති මිචෙල් මතභේදාත්මක බලයක් භාවිත කිරීම එරට පාර්ලිමේන්තුවේ දැඩි දෝෂරෝපණයට ලක් කෙරුණා.

වර්ෂ1962 න් පසු විශ්වාසභංගයකින් පසු රටේ රජය බිඳවැටුණු පළමු අවස්ථාව ද මෙය වනු ඇති.

මෙම සිදුවීම ප්‍රංශ දේශපාලනය තවදුරටත් අස්ථාවර කරන බවයි දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ.

පසුගිය ගිම්හාන සෘතුවේ පැවති මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට ප්‍රංශ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලැබුණේ නැහැ.

ප්‍රංශ ව්‍යවස්ථාව ඩීගෝල් ක්‍රමයට සැකසුණු එකක් වන අතර අගමැතිවරයෙකු විශ්වාසභංගයකින් පහකිරීමට නම් ඡන්ද 288ක් අවශ්‍ය වනවා.

අගමැති මිචෙල්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 331ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මිචෙල් බාර්නියර් අද දිනයේ දී ධුරයෙන් නිල වශයෙන් නික්ම යනු ලබන අතර ඒ සමග ම ඔහු බලය යොදා ගෙන ආ ප්‍රංශ අයවැය ද අක්‍රීය වනු ඇති.

කෙසේ වෙතත්, මැක්‍රොන් අනුප්‍රාප්තිකයෙකු තෝරා ගන්නා තෙක් බොහෝ විට මිචෙල් භාරකාර අගමැති ලෙස රැඳී සිටීමට ඉඩ තිබෙන බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09