වීසා නැතිව සිටි ඉන්දුනීසියානුවන් 08ක් නුවරඑළියේ පල්ලියක

වීසා බලපත්‍ර නොමැතිව නුවරඑළිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක රැදී සිටි ඉන්දුනීසියානු ජාතිකයන් 08 දෙනෙක් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුවරඑළිය පොලිසියට ලැබුණු තොරතුරක් මත අදාළ දේවස්ථානය වෙත ගොස් සිදුකළ සෝදිසි කිරීමක දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු ඉන්දුනිසියානු ජාතිකයන් 08 දෙනා මීට මාස දෙකකට පමණ පෙර දිවයිනට පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සන්තකයේ ගුවන් ගමන් බලපත්‍රය හෝ වීසා බලපත්‍ර තිබී නොමැති අතර, ඔවුන් පවසා ඇත්තේ වීසා අලුත් කිරීම සඳහා වූ ලියකියවිලි මෙරට ඉන්දුනිසියානු තනාපති කාර්යාලය වෙත භාර දී ඇති බවයි.

මෙම සැකකරුවන් සමඟ තවත් 191 දෙනෙකු මෙරට පැමිණ ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය සදහා යොමු වී ඇති බවට ද ආවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් මෙටර ඉන්දුනිසියානු තනාපති කාර්යාලයේ නිලධාරින් දැනුවත් කර ඇති අතර, ඔවුන්ව අද (03) දිනයේ නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56