බයිඩන් තාත්තා පුතාට ජනපති සමාව දෙයි

ධුරයෙන් සමුගැනීමට සූදානමින් සිටින එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් තම පුත්‍රයාවන හන්ටර් බයිඩන්ට ජනධිපති සමාව ලබා දී තිබෙනවා.

ජනධිපති සමාව ලබාදෙමින් ජෝ බයිඩ නිවේදනය කළේ ෆෙඩරල් බදු සහ ගිනිඅවි වැරදි සම්බන්ධයෙන් මේ මාසයේ දඬුවම් නියම වූ තම පුත් හන්ටර් බිඩෙන්ට සමාව දුන් බවයි.

නීතීඥවරයකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වන 54 වියේ පසුවන හන්ටර් බයිඩන් බදු වංචා සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ අතර, ඊට අමතරව ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි කාලය තුළ ගිනි අවියක් මිල දී ගෙන එය සන්තකයේ තබා ගැනීම යන වරදට එරෙහිව දඬුවම් නියමව සිටියා.

ඒ, අනුව එම වරද දෙකට ජනාධිපති සමාව ලබාදුන් ජෝ බයිඩන් පවසා සිටියේ තම පුතාට අසාධාරණ අයුරින් චෝදනා එල්ල වූ බවත්, එම චෝදනා හමුවේ ඔහු හුදෙකලා වීම සැලකිල්ලට ගනිමින් ඔහුට සමාවදීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් ජෝ බයිඩන් සිය බලතල භාවිතය කරමින් සිදුකළ මෙම ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බවයි ප්‍රතිවාදී රිපබ්ලිකන්වරු චෝදනා කර සිටියේ.

මේ අතර මෙම නිල සමාවදීම නව ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ අවලංගු කළ නොහැකි බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40