රනිල්ගෙන් ජනපති අනුරට සහ රජයට ප්‍රශංසා (වීඩියෝ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ වැඩපිළිවෙළට ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වත්මන් රජයට සිය සතුට ප්‍රකාශ කරන බව හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

විනිල් මැණික් අධිපති ඩබ්ලිව්. විනිල් විසින් ඉදිකරන ලද තරුපන්තියේ හෝටලයක් වන අමාරි කලම්බෝ හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (30) එක්වෙමින් හිටපු ජනධිපතිවරයා මේ බව සඳහන් කළා.

රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ දී එය යළි ගොඩගැනීමට, රට තුළ ඇති ධාරිතාව සම්පූර්ණයෙන්ම යළිත් ක්‍රියාත්මක කිරීම ප්‍රථමයෙන් සිදුකිරීමට තිබූ බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ එක්ව සිටියා.

ඊයේ (30) දින විවෘත වූ අමාරි කලම්බෝ හෝටලය ශ්‍රී ලාංකික තනි ව්‍යවසායකයෙකුට අයත් කොළඹ පිහිටි තරු පහේ පළමු ජාත්‍යන්තර හෝටලයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
2
+1
7
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07