පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අවසානයේ ශ්‍රී ලංකාව අසීරු අඩියක

සත්කාරය දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ ඩර්බන් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියක පැවතියා.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 516ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාව තුන්වන දිනට තරගය නතර කරන විට දෙවන ඉනිමට කඩුලු 05ක් දැවී ලකුණු 103ක් රැස්කරගෙන සිටියා.

ඒ, අනුව ශ්‍රී ලංකාව ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 413ක් පසුපසින් සිටින්නේ කඩුලු 05ක් අතැතිවයි.

දිනය අවසන් වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 29ක් රැස්කරගෙන සිටි අතර නායක ධනංජය දී සිල්වා ලකුණු ලබාගෙන සිටියේ නැහැ.

ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 23ක්, දිමුත් කරුණාරත්න ලකුණු 04ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 10ක් රැස් කළා.

සැදෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය පන්දු 12ක් තුළ එක් ලකුණක් ලබාගෙන සිටිය දී දිනයේ අවසන් කඩුල්ල ලෙස ටෝනි ද සෝර්සි විසින් රැකගත් සුපිරි උඩපන්දුකින් දැවී ගියා.

මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව සියල්ලන් දැවී ලකුණු 191ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව රැස් කළේ ලකුණු 42ක් පමණයි.

අනතුරුව දකුණු අප්‍රිකාව දෙවන ඉනිම සඳහා කඩුලු 05ක් දැවී ලකුණු 366ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවා අද සවස තේ පානයෙන් පසු දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35