Empty Ad
AFC Banner
Empty Ad

කීර්තිනාමයට සිදු වූ හානියට කැලින් සමාගමෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්

කැලින් සබන් සම්බන්ධයෙන් ද්වේෂ සහගතව යූටියුබ් හා අනෙකුත් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සමාජ ගත කරමින් පැවැත් වූ සාකච්ඡාවක වීඩියෝපට පිළිබඳව නීතිඥ අමිල එගොඩ මහවත්තගේ මහතා සහ එම සමාගමේ ජාතික අලෙවි කළමනාකරු සුදාරක චිරන්ත මහතා විසින් අද (25) දින කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

කැලින් ආයතනයට විරුද්ධව එහි කීර්තිනාමයට හානි කිරීමේ අරමුණින් තරගකාරී සමාගමක අධ්‍යක්ෂකවරයෙකු විසින් කිසිදු සත්‍යතාවයක් නැති අසත්‍ය කරුණු සමාජ ගත කරමින් ද්වේශ සහගතව මෙම ප්‍රකාශ සිදුකර ඇති බවට පැමිණිල්ලේ සඳහන්.

එම සාපරාධී ප්‍රකාශ සිදුකළ අදාළ සමාගමේ අධ්‍යක්ෂවරයාට සහ එම ප්‍රකාශනය සමාජ මාධ්‍ය ඔස්සේ සමාජගත කළ අදාළ යූටියුබ් නාලිකාව සහ එම නිවේදකයාට එරෙහිව නීතිමය කටයුතු කිරීමට එමගින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
9
+1
6
+1
5
+1
4
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?