Empty Ad
Empty Ad
 Empty Ad

රුහුණු සරසවියේ පරිපාලන කටයුතු අධීක්ෂණයට බලධාරියෙක් පත් කෙරේ

රුහුණු විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ. රත්නායක පත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් අද (24) දිනයේ මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.

රුහුණු විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතල ලෙස අවුල් වී ඇති බවට සහ එය සාමාන්‍ය තත්ත්වයට නැවත පත් කිරීමට එහි බලධාරීන් අපොහොසත් වී ඇති බව ද අදාළ ගැසට් නිවේදනය සඳහන්.

4 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?