Update – IPL වෙන්දේසියේ දී රිෂාබ් පාන්ට්ට ඉතිහාසයේ ඉහළම මිල හිමිවෙයි (වීඩියෝ)

අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ ක්‍රීඩකයෙක් අලෙවි වූ ඉහළ මිලේ වාර්තාව යළි අලුත් වුණා.

ඒ, ඉන්දීය කඩුලු රකින පිතිකරු රිෂාබ් පාන්ට්ට ඉන්දීය රුපියල් කෝටි 27ක ලංසු මුදලක් හිමිවීමත් සමඟයි.

මේ වනවිට පැවැත්වෙන අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී කෝටි 27ක මුදලක් ගෙවා ඔහුව මිල දී ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ හිමිකරුවන් කටයුතු කළා.

මීට පෙර ඉන්දීය පිතිකරු ශ්‍රේයාස් අයියර්ට ඉන්දීය රුපියල් කෝටි 26.75ක ඉහළම ලංසු මුදල නියම කරමින් මිල දී ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම කටයුතු කළා.