ජනපති අනුරගේ ඡන්ම දිනය අදයි

මෙරට 09 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඡන්ම දිනය අදට (24) යෙදී තිබෙනවා.

මේ වන විට 56 වියේ පසුවන ජනාධිපති අනුර කුමාර දිසානායක වසර 1968 නොවැම්බර් මස 24 වනදා උපත ලැබුවා.

තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගැනීමෙන් අනතුරුව ඔහු තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට සිය ද්විතික අධ්‍යාපනය සඳහා ඇතුළත් වනවා.

එම පාසලේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විද්‍යා ගණිත අංශයෙන් පෙනී සිටිමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුකම් ලබනවා.

අනතුරුව ඔහු 1992 වසරේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත්ව 1995 වසරේ දී විද්‍යාවේදී උපාධිය ලබාගන්නවා.

සරසවි අධ්‍යාපනය ලබන කාලය තුළ ශිෂ්‍ය සංගම්වල නායකත්වය දරණ අනුර කුමාර දිසානායක 1997 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තේරී පත්වනවා.

අනතුරුව ඔහු 1998 දී එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයට ඇතුළත්වන අතර, 1999 වසරේ පැවති පළාත් සභා මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ මහ ඇමති අපේක්ෂකයා ලෙස මධ්‍යම පළාත් සභාවට තරග වදිනවා.

ඉන් වසරකට පසු එනම් 2000 වසරේ දී පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායක පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් වනවා.

එතැන් සිට වසර 24ක කාලයක් අඛණ්ඩව මෙරට පාර්ලිමේන්තුව තුළ ක්‍රියාකාරී චරිතයක් බවට පත්ව අනුර කුමාර දිසානායක, 2004 වසරේ දී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට තේරී පත්ව පළමු වරට අමාත්‍යවරයෙකු ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය ධුරය හොබවනු ලබනවා.

අනුර කුමාර දිසානායක පසුව 2008 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස තේරී පත්වන අතර, 2014 වසරේ දී ජනතා විමුක්ති පෙරමු‍ණේ නායකත්වයට තෝරාපත්කර ගන්නවා.

එතැන් සිට අනුර කුමාර දිසානායක මේ දක්වා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය දරණ අතර, මෙම වසරේ සැප්තැම්බර් මස 21 වැනි දින පැවති ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගය නැමැති දේශපාලන ව්‍යාපාරයෙන් තරග වැදී මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වනවා.

ඉන් නොනැවතුණු ජනාධිපති අනුර කුමාර දිසානායක මෙරට 10 වන පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් යුත් ආණ්ඩුවක් ගොඩනැඟීම සඳහා ජාතික ජන බලවේගය මෙහෙයවමින් ඉතිහාසගත ජයග්‍රහණයක් වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
1
+1
17
+1
0
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?