විපක්ෂ නායකගේ අසුනේ අසුන්ගත් නවක මන්ත්‍රී නිසා පාර්ලිමේන්තුව උණුසුම් (වීඩියෝ)

අද (21) පැවති 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ දී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා සම්ප්‍රදායානුකූල ව අසුන් ගන්නා ආසනයේ වෙනත් නවක මන්ත්‍රීවරයෙකු අසුන්ගෙන සිටීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති ව තිබෙනවා.

මෙම මන්ත්‍රීවරයා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු වරම් ලැබූ ආචාර්‍යය අච්චුනා රාමනාදන් මහතා යි.

එහිදී පාර්ලිමේන්තු කාර්‍යය මණ්ඩලය පැමිණ නවක මන්ත්‍රීවරයාට දැනුම්දී ඇත්තේ ඔහු අසුන් ගෙන සිටින්නේ සාමාන්‍යයෙන් විපක්ෂ නායකවරයාට පැනවූ අසුනෙහි බවත්; එබැවින් කරුණාකර එම අසුන අතහැර වෙනත් අසුනක අසුන් ගැනීමට කටයුතු කරන ලෙසයි.

නමුත් එහිදී නවක මන්ත්‍රී ආචාර්‍යය රාමනාදන් මහතා පවසා ඇත්තේ; ‘අපි ක්‍රමය වෙනස් කර ඇති බවත්; අද දින පාර්ලිමේන්තුවේ ඕනෑම අසුනක අසුන්ගැනීමට මන්ත්‍රීවරුන්ට අවසර පවතින බවයි.

මේ හේතුවෙන් අද දින 10 වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතා හට ඔහුගේ සුපුරුදු ආසනය අහිමි වී; හෙතෙම වෙනත් ආසනයක අසුන්ගෙන සිටින අයුරු දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
36
+1
0
+1
2
+1
1
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16
Video thumbnail
සජිත් රණවිරුවන් සිහිකරලා පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි - මටත් මගේ තාත්තා අහිමි වුණේ යුද්දය නිසා
11:42
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55