මහ දවාලේ සිදු කළ කෝටි ගණනේ මුදල් මංකොල්ලයට සම්බන්ධ සැකකරු අල්ලයි

මිනුවන්ගොඩ දී සිදු වූ රුපියල් කෝටි 07කට අධික මූල්‍ය මංකොල්ලයට සම්බන්ධ එක් අයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම සිදුවීම ඊයේ (19) පස්වරුවේ සිදු ව ඇති අතර ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා ගම්පහ පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි අදාළ සැකකරු ගම්පහ කඩුවන්ගහ – ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙකු මෙලෙස මිනුවන්ගොඩ දී රුපියල් කෝටි 7කට අධික මුදල් රැගෙන පලා ගොස් තිබෙනවා.

ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 420ක් සොයාගෙන තිබූ අතර සොරකම් කළ මුදලින් රු 31,515,291ක මුදලක් ද සොයාගෙන ඇති බවත් වාර්තාවනවා.

තම්මිට, මාකවිට ප්‍රදේශයේ 35 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරනු ලබන පෞද්ගලික ආයතනයක සිව්දෙනෙකුගෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් වෑන් රථයකින් ඊයේ මිනුවන්ගොඩ පිහිටි පෞද්ගලික බැංකුවක් වෙත ගොස් තිබුණේ මුදල් සහිත මළු කිහිපයක් ද රැගෙනයි.

බැංකුව අසලට පැමිණි පසු රියදුරුවරයා පමණක් වෑන් රථයේ සිටියදී සෙසු පිරිස ඉන් බැස ගොස් තිබෙනවා.

ඒ වනවිට වෑන් රථයේ රුපියල් හත් කෝටි දහතුන් ලක්ෂ විසිහත් දහස් දෙසිය අනූහයක මුදලක් තිබී ඇති අතර රියදුරුවරයා අදාළ මුදල ද රැගෙන එම රථයෙන්ම පලා ගොස් තිබෙනවා.

අනතුරුව සැකකරු වෑන් රථය ගම්පහ, උග්ගල්ගොඩ ප්‍රදේශයේ අතහැර දමා තවත් පුද්ගලයෙකු සමග යතුරුපැදියකින් පලාගොස් ඇති අතර සිදු කළ පූර්ණ විමර්ශනවලින් අනතුරුවයි සැකකරුව අත් අඩංගුවට ගැනුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46